Breaking News
Home / ක්‍රිඩා / ශකිබ්ට සහ වතුර ඇදපු හාදයට 25% ක දඩයක් සහ ICC දඬුවම් ලකුණක්. මේ දඬුවම් ICC ගරුත්වයට ප්‍රමාණවත්ද?

ශකිබ්ට සහ වතුර ඇදපු හාදයට 25% ක දඩයක් සහ ICC දඬුවම් ලකුණක්. මේ දඬුවම් ICC ගරුත්වයට ප්‍රමාණවත්ද?

ඊයේ පවතී තරඟයේ කලහකාරී ලෙස හැසිරුණු බංගලාදේශ ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳව ක්‍රිකට් ජේෂ්ඨයන් බොහොමයක් තමන්ගේ අප්‍රසාදය පල කොට තිබුණු අතර, තරඟය අවසානයේ ක්‍රීඩාගාරයේ දේපල වලට හානි කිරීමත් සමග මේ තත්වය උග්‍ර අතට හැරිය.

කෙසේ නමුත් මෙය පිළිබඳව ICC විනය පරීක්ෂණ කමිටුව විසින් දිගින් දිගට කල පරීක්ෂණ වලින් පසු බංගලාදේශ නායක ශකිබ් අල් හසන් හා අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට තරඟ මුදලෙන් 25% ක දඩයක් ICC විසින් පනවා ඇත.

මිට අමතරව ICC නවතම නීති මාලා අනුව ක්‍රීඩකයන්ට ලකුණු ලබාදීමේ ක්‍රමයක් පවත්වාගෙන යන අතර, නුරුල් හසන්ට හා ෂකිබ් අල් හසන්ට ඊයේ සිදුවීමත් සමග එක් ලකුණ බැගින් ලබා දී ඇත. මෙහි ලකුණු 3ක් ලබාගන්න ක්‍රීඩකයන්ට තරඟ 3 ක තහනමක් ද, ලකුණු 6 ක් ලබාගත්තොත් මාස 6 ක අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් පනවනු ඇත.

About lanka

Check Also

විශිෂ්ට පන්දු යැවීමක් කල යෝකර් රජුට ආයෙත් කැපිල්ලක සලකුණු පල්ලෙකැලේ තරගය ක්‍රීඩා කරයිද කියන්න දන්නේ නැති බව මාලි කියයි

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා තමන්ට කි‍්‍රඩා කිරිමට අවස්ථාවක් හිමිවේ යැයි විශ්වාසයක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!