Breaking News
Home / ක්‍රිඩා / වේග පන්දු යවන්නන් ලංකාවට අහිමිවෙමින් යාම අවදානමක් ලෝක කුසලානෙට අවුරුද්දයි. අර්බුධය ගැන ඇන්ජි කෙලින් කියයි

වේග පන්දු යවන්නන් ලංකාවට අහිමිවෙමින් යාම අවදානමක් ලෝක කුසලානෙට අවුරුද්දයි. අර්බුධය ගැන ඇන්ජි කෙලින් කියයි

ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන්ගේ අඩුවීමක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී මැතිව්ස් මේ බව සඳහන් කළේය.

“එහෙම නැහැ කිව්වොත් ඒක වැරැදියි. ඔව්. මේ වනවිට අපට වේගපන්දු යවන්නන්ගේ ප්‍රමාණයේ යම් අඩුවීමක් තියෙනවා. ඒකට හේතුව දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් වගේ පන්දු යවන්නන් ආබාධ හේතුවෙන් මේ වනවිට මෙම තරගාවලියෙනුත් ඉවත්ව තිබීමයි. ඒ වගේම සුරංග ලක්මාල් වුණත් ආබාධයකින් පසුවයි පෙරේදා පැවැති තරගයට එක් වුණේ. කොහොම වුණත් ලෝක කුසලානයට අපට තව තියෙන්නේ අවුරුද්දක පමණ කාලයක් විතරයි. මේ නිසා මේ කාලය ඇතුළතදී නිත්‍ය වේගපන්දු යවන්නන් කිහිප දෙනකු සොයාගත යුතුව තියෙනවා” යැයි පැවැසූ මැතිව්ස් මෙම තරගාවලිය නවක ක්‍රීඩකයන්ට මහත් පිටිවහලක් වී ඇති බවද සඳහන් කළේය.

“මේ තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයන් ඇතුළුව 60 දෙනකු සහභාගි වෙනවා. මේ නිසා ජාතික කණ්ඩායම නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සමඟ එක්වෙලා මේ නවක ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දක්‍ෂතා ඔපමට්ටම් කරගන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තියෙනවා” යනුවෙන්ද මැතිව්ස්ගේ අදහස විය.

කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය පසුගියදා (02දා) ආරම්භ වූ අතර, රුපියල් මිලියන 43ක් පමණ ඒ සඳහා වෙන්කර ඇතැයි වාර්තාවේ.

About lanka

Check Also

ජනවාරි ඉදන් පඩි නැ බේත් නැ සමෘධි නැ ඒක දැනගෙනත් ඇයි මහින්ද පැරදී පැරදී දැන දැන බලෙන් මේක අල්ලන් ඉන්නේ – අනුරගේ හෙලිකිරීම

ඇයි මහින්ද පැරදී පැරදී දැන දැන බලෙන්මේ ක අල්ලන් ඉන්නේ – අනුරගේ හෙලිකිරීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!