Breaking News
Home / දේශීය පුවත් / වෙන්ටිලේටර් මිලට නොගත්තානම් ලැබූ ආධාර වුනේ මොනවාද? – එජාපය

වෙන්ටිලේටර් මිලට නොගත්තානම් ලැබූ ආධාර වුනේ මොනවාද? – එජාපය

කොරොනා වසංගතය පාලනය කර ඇති බවට බලධාරීන් ලබා දිගින් දිගටම ප්‍රකාශ සිදු කරමින් සිටිය ද මෙරට විට අනාවරණය වන කරුණු මත තත්වයේ ඇති බරපතල කම රට හමුවේ හෙළි වෙමින් පවතී.

මේ වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා රජය විසින් නව ස්වසන උපකරණ ( Ventilator) කිසිම ක් මිලදී ගෙන නොමැති බව සති අන්ත පුවත්පතක් ද වාර්තා කර තිබේ. ලැබූ උපකරණ ආධාර මත ලැබුණු ඒවා බවද පසුව වාර්තා වුවා. එමෙන්ම කොරොනා රෝගීන් සඳහා වෙන්කර ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් 146 ක් පමණක් බවද වාර්තා කර ඇත.

මෙය කිසි විටෙකත් ප්‍රමාණවත් නොවන මීට පෙර සිටම සෞඛ්‍ය ප්‍රවීණයන් විසින් පෙන්වා දෙන ලද්දකි.නමුත් මේ දක්වා ඊට අවශ්‍ය විසඳුම් ලබාදීමට රජය අපොහොසත් ව තිබේ.

අනෙක් බරපතළ කරුණ වන්නේ වෛරසය මැඩපැවැත්වීම සඳහාත් අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සඳහාත් විදේශීය රජයන් සහ සංවිධාන විසින් සපයනු ලබන අරමුදල්වලට සිදුවී ඇත්තේ කුමක්ද යන්නයි. මෙම තත්ත්වය තුළ අපට සිහිවන්නෙ සුනාමියෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ලැබුණු අරමුදල් වලට අත්වූ ඉරණමෙහි කතාවයි.

එක්සත් ජාතික පක්ෂය විසින් දිගින් දිගටම කොරෝනා මර්දනය සඳහා ලද මුදල් පිළිබඳ රජයෙන් ප්‍රශ්න කළ අතර ඊට රජය ලබා දුන් පරස් පර පිළිතුරු පිළිබඳ කිසිදු සෑහිමට පත්විය නොහැක.

ලෝක බැංකුව වැනි සංවිධාන විසින් මූල්‍යාධාර ලබා දී තිබියදීත්, එම අරමුදල් භාවිතා කරමින් කොරෝනා මර්දනය සඳහා ගෙන ඇති පියවර මොනවාද යන්න පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට රජය මේ දක්වා අපොහොසත් වී ඇත.

මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය යුරෝපයේ පැතිර යන ප්‍රබල වෛරස ඝනත්වයකින් යුත් එකක් බව අනාවරණය වී තිබේ.

එවන් වටපිටාවක් තුළ සති අන්තයේ දී එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් රැසක් අගුලු දමා (Lockdown) ඇති අතර පැතිරීම පාලනය කිරීමේ ඔවුන්ගේ සැලසුම් ජනතාවට ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන තිබේ. ආණ්ඩුව ද කළ යුත්තේ වහා තම සැලසුම් රට හමුවේ හෙළිකොට ජන ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත් වීමයි.

සති අන්තයේ අගුලු දැමීමට (Lockdown) පෙර බස්නාහිර පළාතෙන් පිටත්ව ගිය 500 කට අධික පිරිසකට ස්වයං නිරෝධායනය කිරීමට නියෝග කර ඇති බව බලධාරීන් මේ වන විට ප්‍රකාශ කර තිබේ. ස්වයං නිරෝධායනය සඳහා මෙම පුද්ගලයින් තෝරා ගැනීමේදී රජය අනුගමනය කළ ක්‍රමවේදය කුමක්ද? යන්න ඔවුන් වහා රටට හෙළිකල යුතුය.නැතිනම් මේ සියල්ල රටේ ජනතාව රවටන සංදර්ශන බවට පත්වනු ඇත.එමෙන්ම රජයේ වගකීම් විරහිත ක්‍රියකාරකම් හමුවේ ජනතාවගේ ජිවිත දහස් ගණනක් අනතුරට ලක් වනු ඇත.

මවට කොරෝනා ආසාදනය වී ඇති බව පවසා මානසික ආබාධ සහිත දරුවෙකුගෙන් මව වෙන් කිරීමෙන් පසු අදාල දරුවා සියදිවි නසාගත් අනුවේදනීය පුවතක් ද සති අන්තයේ අපට අසන්නට ලැබුණි.

මිනිස්සුන්ගේ සෞඛ්‍ය අයිතිවාසිකම්, මෙන්ම ආබාධ සහිත තත්වයන් පවා නොසලකා හරිමින් රජය කටයුතු කරමින් සිටින බවට මෙය කදිම නිදසුනකි.

වෛරසය පැතිරීම නැවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ රජයේ පාර්ශවයෙන් කිසිදු වගකීමක් හෝ වගවීමක් නොමැති බව දක්නට ලැබේ.

ඒ වෙනුවට සෞඛ්‍ය බලධාරීන්, පොලිස් නිලධාරින් සහ හමුදා නිලධාරීන් විසින් මහජනතාවට විවිධ මත ඉදිරිපත් කරමින් කටයුතු කරනු දැකිය හැක.

මෙම බරපතළ අවදානම හමුවේ රජයේ වෙනුවෙන් එහි වගකීම් දරමින් කටයුතු කරන්නේ කවුදැයි යන්න රජය වහා ජනතාවට හෙළිකළ යුතුය.

මෙය සුළුකොට තැකිය නොහැකි බරපතළ තත්ත්වයක් බව දිගින් දිගටම අප අවධාරණය කළ අතර රජය විසින් දැන්වත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව සුවපත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පැහැදිලි සලසුමක් රට හමුවේ ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ යුතුය. – මාධ්‍ය ඒකකය, එක්සත් ජාතික පක්ෂය (2020/11/01)

About article14

Check Also

මොනාද අයිසේ කරන්නේ වියදම් කරලා උත්සව තිබ්බා දැන් යන්නේ ඕකනේ” සජිත් තිස්සට දෙහිකපලා

සමගි ජන බලවේගයේ පළමු සංවත්සර උත්සවයේ දී එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාට එජාප නායකයාගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!