Breaking News
Home / ක්‍රිඩා / වෙනත් රටවල වයස 18 19 යොවුන් ක්‍රීඩකයන් ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරද්දී ලෝක වාර්තාවක් තැබූ හසිත බෝයගොඩට සුපිරි පළාත් එක තරගයක්වත් දීලා නැ

වෙනත් රටවල වයස 18 19 යොවුන් ක්‍රීඩකයන් ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරද්දී ලෝක වාර්තාවක් තැබූ හසිත බෝයගොඩට සුපිරි පළාත් එක තරගයක්වත් දීලා නැ

වෙනත් රටවල තම තරුණ ක්‍රීඩකයන් සඳහා සියලු දේ ලබාදෙන අවස්ථාවක ශ්‍රී ලංකාව ඊට වඩා වෙනස් ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් සිටින බව ඉන්දියාවේ ක්‍රිකට් එජ වාර්ථාවකින් හෙළිකර ඇත.ක්‍රිකට් එජ් මෙම වාර්තාවෙන් වැඩි දුරටත් කතා කරන්නේ හසිත බෝයේගොඩ ට තවමත් සිදු වෙමින් පවතින අසාධාරණයන් පිලිබඳවය.

නවසීලන්තයේ 19 න් පහල ලෝක කුසලානයේ ක්‍රීඩා කරමින් දක්ෂතා පෙන්වූ 18 හැවිරිදි පාර්තීව් ෂෝ, 2018 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලේ කොඳු නාරටිය බවට පත් වී තිබෙන අතර,

Image result for rashid khan

19 හැවිරිදි රෂීඩ් ඛාන්, මේ වන විට ලෝකය තුළ හොඳම දඟ පන්දු යවන්නෙකු බවට පත්ව ඇත. අයි.පී.එල්. ලෝකයේ හොඳම ක්‍රීඩකයන් ක්‍රීඩා කරන තරඟාවලියක් වුවත් මෙම තරඟාවලියේදී ද දක්ෂතා පෙන්නමින් රෂීඩ් ඕනෑම මට්ටමක සාර්ථකත්වයට පත්වීමට තමාට හැකියාව ඇති බව මේ වන විටත් ඔප්පු කර ඇත. පකිස්තානයේ 19 හැවිරිදි සහබ් ඛාන්, මේ වන විට පාකිස්තානයේ ප්‍රධානම තරඟ දිනවන්නෙකු බවට පත් වී ඇත.

Image result for shadab khan pakistan cricket

ලෝකය පුරා මේ දේවල් සිදුවෙද්දී ශ්‍රී ලංකාව තුළ දේවල් අඳුරු වී ඇත. ශ්‍රී ලංකාව 19 ලෝක කුසලානයෙදී සොයාගත් හසිත බෝයගොඩ ලෝක කුසලානයේදීද මුල් වටයේ අවස්ථාව අහිමි වී ඉන් පසුව ලබාදුන් අවස්ථාවෙන් උපරිමය පෙන්නුවේ වාර්තාගත ලකුණු 191 ක ඉනිමක්ද සමඟය.

Image result for hasitha boyagoda

ලෝක කුසලාන තරඟ මාලාවේ ලබාගත් ශතක දෙකද සමඟ ලෝකයේම අවධානය දිනාගත් මේ තරුණ ක්‍රීඩකයාට සුපිරි පළාත් තරඟාවලිය තුල සංචිතයට එකතු වීමට අවස්තාව ලැබුනද තවමත් නුවර කණ්ඩායමේ එකම අවස්ථාවක් හෝ මේ තරුණ ක්‍රීඩකයාට නොලැබීම පුදුමයට කරුණකි.

දැනට පැවැත්වෙන සුපිරි පළාත් තරගාවලිය යටතේ 19 න් පහළ ක්රීඩකයන් වන කමිඳු මෙන්ඩිස්, නිෂාන් මධුශංක, අශේන් බණ්ඩාර සහ ජෙහාන් ඩැනියෙල් වැනි ක්‍රීඩකයන්ට අවස්තාව හිමි වෙද්දී හසිතට අවස්ථාවක් හිමි නොවීම පුදුමයට කරුණකි.

මේ ඉන්දීය වෙබ් අඩවියක් අපේ ක්‍රීඩකයෙකු ගැන තබන සටහනකි,ක්‍රිකට් ලංකා අපි මේ සටහන තබන්නේ මේ දක්ෂ ක්‍රීඩකයාගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙනි,නුවර කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසාන තැනට වැටී ඇති අතර ඔවුන්ට හසිත වැනි ක්‍රීඩකයෙකු කණ්ඩායමට එකතු කර නොගැනීමට තරම් දක්ෂයන් කණ්ඩායමේ සිටිනවාද යන්න එයින් හොඳින් පැහැදිලි වේ.

දැන් සියල්ල අවසාන වී තිබුනත් අද දිනයේ නුවර කණ්ඩායමට එක අවස්ථාවක් ලැබෙන අතර අවසාන තරඟයට ක්‍රීඩා කිරීමට හැකියාවක් නැති අතර දක්ෂ තරුණ ක්‍රීඩකයන් සොයා ගැනීමට ක්‍රියාත්මක කල මේ තරඟාවලියේ අවස්තාව නොලැබුන ක්‍රීඩකයන් වෙනුවෙන් හෙට දිනයේදීවත් අවස්ථාවක් ලැබේදැයි අපි බලා සිටිමු.

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!