අතිශය නවීන ලෝකයට හා අනාගතයට ගැලපෙන නව බලගණයක් පිළිබද රට තුල කතාබහක් ඇතිවූයේ චීනයේ වුහාන් සිට පැමිණි ලාංකිකයින් 34 දෙනාගේ සිද්දියත් සමගයි.
2015 නව යහපාලන රජය පත්වීම සමග පත්වීම් ලද යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව 2017 මුල්භාගයේ ආරම්භ කරන ලද 14 වන ස්වාධීන ඉංජිනේරු රෙජිමේන්තුවේ රාසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක විකිරණශීලි ප්‍රතිචාර බලඝණය(CBRN) මුල්වරට 2017 නිදහස් දින සංදර්ශනයට පවා සහභාගි කරවීමට කටයුතු යොදා තිබුණා.
එවකට යහපාලනය රජය සමයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දායකත්වයෙ එවකට රජය ගෙන ගිය විදේශ ප්‍රතිපත්තිය මත සාකච්ඡාවල ප්‍රතිපල ලෙස රාසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක විකිරණශීලි ප්‍රතිචාර බලඝණය(CBRN) පිහිටවූයේ ජීව රසායනික හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම් සදහායි.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය ,1990 සුවසැරිය ගිලන් රථ සේවය හා එක්ව ඔවුන් පුහුණු හා පාඨමාලාවන් දිගින් දිගටම පවත්වාගෙන ගිය අතර මූලස්ථානය මත්තෙගොඩ පිහිටුවා තිබෙනවා.ඒ රාජ්‍ය ප්‍රතිපත්ති වල ශක්තිමත් බවට පක්ෂ පිල් බේදයකින් තොරව රාජ්‍ය යන හැගීම හා ප්‍රතිපත්ති මත ක්‍රියා කල යුතු යන්නට දුන් හොද උදාහරණයක් ලෙස මෙය දැක්විය හැකි.
වත්මන් ජනපති පත්කිරීමට හේතුවූ බහුතරය මෙම නව බලගණයට වුහාන් සිට ආ ලාංකිකයින්ගේ ක්‍රියා පිලිවල කල ආකාරය පිළිබද අතිශය පැසසුම් කලත් අනාගතය පිළිබද කල්යල් බලා ඉදිරි දැක්මක් ඇතිව මෙය නිර්මාණය කල පිරිස් වෙත කිසිදු පැසසුමක් දීමටවත් සුදානම් නැති අතර ලාංකික බහුතර පිරිස් මේ වන විට කුහක දේශපාලන මානසික වහලුන් වී ඇති බව කනගාටුවෙන් වුවත් සදහන් කල යුතුයි.