Breaking News
Home / දේශීය පුවත් / වීරවංශගේ පාස්පෝට් කේස් එකේදි එලියට දැම්මේ රනිල් බොරුනම් ජනාධිපති සාක්ෂි – අනුර

වීරවංශගේ පාස්පෝට් කේස් එකේදි එලියට දැම්මේ රනිල් බොරුනම් ජනාධිපති සාක්ෂි – අනුර

මහින්ද රාජපක්ෂගේ ගෝලයින් ජවිපෙ – එජාපයට පූට්ටු කිරීමට සැලසුම් කරන බවත් රනිල් වික්‍රමසිංහගෙන් හෝ මහින්ද රාජපක්ෂගෙන් ජවිපෙට කිසිවක් බේරාගැනීමට නොමැති බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජවිපෙ ජනතාවට වගකියන දේශපාලන ව්‍යාපාරයක් බවත් එසේ නොමැතිව රනිල්ට හෝ මහින්දට වගකියන දේශපාලන ව්‍යාපාරයක් නොවන බවත් ඔහු අවධාරණය කළේය.

ලක්ෂ 6000ක සිල්රෙදි ලංකාවට වටේ වට තුනක් ඔතන්න පුළුවන් බවත් මෙවැනි පට්ට හොරු එළියට එන්නේ එකඟතාවන් නිසා බවත් පෙන්වා දුන් අනුර දිසානායක මහතා විමල් වීරවංශගේ පාස්පෝට් ප්‍රශ්නයේදී අගමැති මැදිහත් වූ බවත් ඉන් පසු විමල් වීරවංශ මහතා එළියට දැමූ බවත් ඒ සිද්ධියට ජනාධිපතිවරයා සාක්ෂි දරන බවත් කියා සිටියේය.

බැසිල් රාජපක්ෂගේ නඩු කල් යන්නේ ඒ අය අතරේ එකඟතාවන් නිසා බවත් ජවිපෙට රනිල් වික්‍රමසිංහ සමග බේරාගැනීමට කිසිදෙයක් නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණට ණය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

වීඩියෝව පහතින්.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!