Breaking News
Home / දේශීය පුවත් / වීරයන්වගේ විකල්ප ක්‍රම වලින් සමාජ ජාලා වලට පිවිසේන අයට අනතුරු ඇඟවීමක්. ඔවුන් ගැන විමර්ශන අරභයි

වීරයන්වගේ විකල්ප ක්‍රම වලින් සමාජ ජාලා වලට පිවිසේන අයට අනතුරු ඇඟවීමක්. ඔවුන් ගැන විමර්ශන අරභයි

ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව සදහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ භාවිත වන ෆේස්බුක්, වයිබර්, ඉමෝ සහ වට්ස්අප් වැනි සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර වනු ඇති.

කෙසේ වෙතත්, විකල්ප ක්‍රමවේදයන් භාවිතා කරමින් ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය වලට පිවිසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

එසේම, ජාතිවාදී අදහස් සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන්නන් සහ හුවමාරු කරන්නන් පිලිබදව එම කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිවයි.

About lanka

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!