Breaking News
Home / දේශීය පුවත් / විෂය අනුබද්ද කරුණු පමණක් මාධ්‍යට කතා කරන්න නොදන්නා දේ ගැන දන්නවා මෙන් කතා කරන්න එපා – රනිල් තම මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙයි

විෂය අනුබද්ද කරුණු පමණක් මාධ්‍යට කතා කරන්න නොදන්නා දේ ගැන දන්නවා මෙන් කතා කරන්න එපා – රනිල් තම මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය සහා අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැලකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ සියලූම මන්ත්‍රීවරුන්ට අද (22) අවධාරණය කර ඇත.

පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දක්වා ඇති යම් යම් අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කර තිබේ.

විෂයානුබද්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීමේදී, වගකීමෙන් හා දැනුවත් බවින් යුතුව අදහස් දැක්වීම සිදු කළ යුතු බවද, විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුවත් බවක් නොමැති අවස්ථාවන්හිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව ද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ මන්ත්‍රීවරුන් වෙත වැඩිදුරටත් අවධාරණය කර ඇත.

එසේම එජාප සංවිධායකයින් (21) රනිල් වික්‍රමසිංහ එජාප නායක මුණගැසුන අතර එහිදී ජනාධිපති සිරිසේන පිළිබද මෙසේ පවසා තිබෙනවා

අප විසින්ම ජනාධිපති ධූරයට පත්කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පෙරමුණට පහර ගැසීම සිදු කළා. අපේ ඡන්ද නැතිනම් ඔහුට ජනාධිපති වීමට හැකියාවක් තිබුණේ නැහැ. ඔක්තෝබර් මස 26 දින කළ මේ සිද්ධියෙන් අනතුරුව ප්‍රශ්නය අවසන් වේවි යැයි ඔවුන් සිතුවා. ඒ ප්‍රශ්නය එක්සත් ජාතික පෙරමුණේ නොව සමස්ථ රටේ ප්‍රශ්නයක් බවට අද පත්වෙලා තිබෙනවා.

අපේ ජනතාවගේ ඡන්දයෙන් පැමිණ ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාදාමය ජනතා පරමාධිපත්‍යයට පහර ගැසීමක් බව කිව යුතුයි. අපි සටන් කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීමටයි. අපි 19 වන සංශෝධනයෙන් ඉදිරියට ගියා. ඒ සංශෝධනයෙන් ජනතා අයිතිවාසිකම් තව දුරටත් තහවුරු කළා. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු පුද්ගලයෙක් බවට පත්කළා.

නමුත් විධායකය නැති කිරීම සඳහා අප පත් කළ පුද්ගලයා අද උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව පාගා දැමීමටයි. අප එයට ඉඩ දෙන්නේ නෑ. එක්සත් ජාතික පෙරමුණ පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය ඇතුළු අප සමග සිටින සියළු පක්ෂත් රටේ ජනතාවගේ එම මතයට විරුද්ධයි.

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!