Breaking News
Home / ක්‍රිඩා / විශේෂ විශ්ලේශනයක් – ටෙස්ට් වරම් ලද කණ්ඩායමක් ඉතිහාසයේ ලද අඩුම ජයග්‍රහන ප්‍රථිශතය මේ වසරේ ලංකාවෙන්

විශේෂ විශ්ලේශනයක් – ටෙස්ට් වරම් ලද කණ්ඩායමක් ඉතිහාසයේ ලද අඩුම ජයග්‍රහන ප්‍රථිශතය මේ වසරේ ලංකාවෙන්

ටෙස්ට් වරම් ලැබූ රටක් ජයග්‍රහන ප්‍රථිශතය අඩුම පෙන්වන්නේ මේ වසරේ. එය වසරකට තරග 20 ට වඩා සහබාගි වී ඇති අවස්ථා අනුව සලකා බලා ඇත. ඒ අනුව මේ වසරේ තරග 22 ට සහබාගි වී ඇති ලංකාව ජයගෙන ඇත්තේ 4 ක් පමනයි. එහි ප්‍රථිශතය 0.235 යි. ලංකාව මෙතෙක් 1975 සිට ශ්‍රී ලංකාව තරග 804 තරග කර තරග 372 ජයගෙන 392 පරාජය වී ඇත. එය ජයග්‍රහන ප්‍රථිශතය 0.952 කි. මෙම ප්‍රතිශතය මනින්නේ ජයග්‍රහන/පරාජයන් ලෙස. මෙයට 5-0 බැගින් ඉන්දියාව හා ද.අප්‍රිකා පරාජ දෙක වගේම සිම්බාබ්වේ තරගාවලි පරාජයනුත් අයත්.

පන්දු යැවීමේ දුර්වලකම
කඩුල්ලක් ලබා ගැනීමට ලංකාවේ පන්දු යවන්නන් ලකුණු 47.3 ලබා දෙයි. එය බංගලාදේශය 2003 44 ක් සිම්බාබ්වේ 1998 41 ලෙස සිටීම දැඩි පසුබෑමක් වේ. මෙයට පෙර ලංකාවේ කඩුල්ලකට ලකුණු සාමන්‍ය වාර්ථා වන්නේ 2015 36 ලෙසයි. එයින් පෙනෙන්නේ තරග පරාජයට කඩුලු නොගැනීම දැඩුව බලපා ඇති බවයි. ලංකාවට එරෙහි ලකුනු 300+ අවස්ථා 8 ක් සහ 290+ අවස්ථා දෙකක්ද ඇත.

පිතිකරුවන්
පිතිකරුවන් ඉතා හොදින් කල ඇතිබව විශ්ලේශනය පවසනවා. ලංකාව 300+ ලබා ගත් අවස්ථා 6 ක් වාර්ථා වනවා. එය වසරේ 3 වන හොඳම කණ්ඩායමයි. එංගලන්තය 10 ඉන්දියාව 8 ලෙස පලමු දෙවන අවස්ථාවල සිටී. චැම්පියන්ස් කුසලානයේ 322 ලබාගෙන ඉන්දියාවට එරෙහි ජයක්ද ලබා ගත්තේය. ලබා ගත් ජය 4 න් තුනක්ම හබාගොස් ලබා ගත් ජයග්‍රහනයි. මෙයින් පෙනෙන්නේ හේරත්, ජයසූරිය,ඩිල්ශාන්,මුරලි,වාස්, වැනි පන්දුයවන්නන්ගෙන් පසු කඩුලු දවාගන්නන් නොමැති බවයි.

පලමුව පන්දුවට පහර දී 300 ට වඩා ලබාගත් සියළුම තරග පරාජය වී ඇත. දැනට සිටින හොඳම පන්දු යවන්නා මාලිංග චැම්පියන් කුසලානයෙන් පසු කඩුල්ලක ලකුණු සාමාන්‍ය 62 කි. තරග 13 ට ලබා ඇත්තේ කඩුලු 10 පමණි. අකිල ධනන්ජය හොඳම සාමාන්‍ය පෙන්නුම් කරයි එය සාමාන්‍ය 24 කි.

එසේම පිතිකරුවන්ගේ සාමාන්‍ය 29.89 කි. ශ්‍රි ලංකා පිතිකරුවන් පන්දුවාරයකට 5.23 ක වේගයෙන් ලකුණු ලබාගෙන ඇතත් පන්දු යවන්නන් ප්‍රතිවාදීන්ට පන්දු වාරයකට ලකුණු 6.07 ක වේගයෙන් ලකුණු ලබා දී ඇත. එයින් පෙනෙන්නේ පරාජයන්ට හේතුව පන්දු යැවීමේ දුර්වල කමයි.

පකිස්ථානය අවසන් තරගාවලි 4 න් 3 ක් අරාබියේදී පරාජය වී තිබෙනවා. එනිසා අවසන් තරග 4 සහ ඉන්දියා තරග 3 සමග මේ දුර්වල රටාව මග හරවා ගැනීමට ලංකාවට වසර අවසන් වීමට පෙර තරග 7 තිබෙනවා. කඩුලු ලැබෙන පන්දු යවන්නන් නොමැති නිසා තරග පරාජය වූ බවයි අවසාන නිගමනයට ගත හැක්කේ.

Cricklanka.com

About article14

Check Also

කෝටි 2 ක හාල් තොගයක් ඇමති බන්දුල ගම්පහදී වටලයි

සත්ත්ව ආහාර නිෂ්පාදනයට ගබඩා කර තිබූ රුපියල් දෙකෝටි අටලක්ෂයක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 300ක් පාරිභෝගික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!