Breaking News
Home / දේශීය පුවත් / “විශේෂ මහා අධිකරණ ගැන ඉක්මනින්ම තීන්දුවක් ගන්නවා”ලංකාවට බාල තෙල් ගෙනා චෝදනා ඇති සුසිල් අධිකරණ ඇමති බවට පත්වෙමින් කියයි

“විශේෂ මහා අධිකරණ ගැන ඉක්මනින්ම තීන්දුවක් ගන්නවා”ලංකාවට බාල තෙල් ගෙනා චෝදනා ඇති සුසිල් අධිකරණ ඇමති බවට පත්වෙමින් කියයි

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිළිබඳව තීන්දුවක් ගන්නා බව ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

ඒ පසුගිය ආණ්ඩුව මගින් විශේෂ අධිකරන පිහිටවීම ඒකපාර්ශවිය තීන්දුවක් ලෙස පලිගැනීම් වලට බිහි කල එකක් බවයි ඔහු පවසන්නේ.

සිය අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම ඉදිරි දින කිහිපයේදී අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණ වෙන බව බවත් ඒ අනුව නව ආණ්ඩුව වසරකට වැඩි කාලයක් රට පාලනය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අපට ඇසීමට ඇත්තේ කුමන ආණ්ඩුවක් මෙය ස්තාපිත කලත් කුමන පැත්තක හොරෙකු වුවත් ඉක්මනින් නඩු අසා අවසන් කිරිමෙන් මේ රටට වන හානිය කුමක්ද? විශේෂයෙන් මෙය පොදු ජනයාට පමනක් අදාල එකක් වූවානම් අනිවාරෙන් මෙය ගැන සලකා නොබලන අතර වර්ථමාන ආන්ඩුවේ ප්‍රභූන්ගේ නඩු ප්‍රතමයෙන් ඇසිය යුතු නිසා මේ උප්පර වැට්ටිය ගැසිමට යනවාදැයි අපි ඇසිය යුතුයි.

එසේම යහපාලන ආන්ඩුවේ අධිකරන ඇමතිවරයා හොරු ඇල්ලිම කෙසේවෙතත් ඒ හොරු ලෙස හන්වඩු ගැසු අයගේ ආන්ඩුවට පලමුවෙන්ම පැන අධ්‍යාපන ඇමති බවට පත්වූ අතර පසුගිය ආණ්ඩු සමයේ ලංකාවට බාල තෙල් ගෙනා චෝදනාවක් ඇති පුද්ගලයාට මේ වන විට අධිකරණ ඇමති දූරය ලබා දීමද ලංකා දේශපාලනයේ ජනතාවගේ අවාසනාව වන අතර පාලකයන් විසින් ජනතාව පට්ට පල් මෝඩයන් ලෙස සැලකීමද ඛෙදවාචකයකි.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!