Breaking News
Home / ක්‍රිඩා / විශිෂ්ට පන්දු යැවීමක් කල යෝකර් රජුට ආයෙත් කැපිල්ලක සලකුණු පල්ලෙකැලේ තරගය ක්‍රීඩා කරයිද කියන්න දන්නේ නැති බව මාලි කියයි

විශිෂ්ට පන්දු යැවීමක් කල යෝකර් රජුට ආයෙත් කැපිල්ලක සලකුණු පල්ලෙකැලේ තරගය ක්‍රීඩා කරයිද කියන්න දන්නේ නැති බව මාලි කියයි

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා තමන්ට කි‍්‍රඩා කිරිමට අවස්ථාවක් හිමිවේ යැයි විශ්වාසයක් නොමැති බව ලසිත් මාලිංග පවසනවා.

Image may contain: 1 person, standing and outdoor

එංගලන්තය හමුවේ ඊයේ (13) ලද පරාජයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී “මේ තරගය දැන් ඉවරයි. නුවරට යනකොට කණ්ඩායම වෙනස් වෙන එකක් නෑ කියලා බලාපොරොත්තු වෙනවා. ඒකේ හිටියොත් මම ඒ තරගයත් හොඳින් ක්‍රීඩා කරනවා.

මට පසුගිය කාලයේ වෙච්ච දේවල් එක්ක ලෝක කුසලානය සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. කොහොම වුණත් මගේ අවසාන ලෝක කුසලානට සෙල්ලස් කරන්න මා තුළ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. බැහැයි ඒකට අවස්ථාවක් හම්බවෙයි කියලා විශ්වාසයකුත් නෑ.” යනුවෙන් සඳහන් කළා.

මේ අතර ශී‍්‍ර ලංකා එංගලන්ත 03 වන එක් දින කි‍්‍රකට් තරගය පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේදී ලබන 17 වැනිදා දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

මාලිංග දබුල්ල තරගයේ කඩුලු 5 ගැනීමෙන් පසු මම මාලිංග බව දෙවරක් නම පෙන්වූ බව සියල්ලන්න්ම කතා කල අතර ජාත්‍යන්තර විචාරකයන් පවසා සිටියේ තමන් කවුද බව තේරුම් කමිටුවට මාලිංග පෙන්වූ බවයි.

එනිසා නැවත මාලිංගට කැපිල්ලක් යාමට ඇති ඉඩ ඉතා ඉහලයි. එසේම ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමටත් ඇති ඉඩ බොහොමයි. ලබරෝයි යනු හිටපු සභාපති හා දයාසිරි සමයේ පත්කළ තේරුම් ප්‍රධානියයි.

වර්තමාන ඇමතියා පත්වූවා කියා කිසිදු වෙනසක් කලේද නැ. ඔහුත් කරගෙන යන්නේ දයාසිරි සුමතිපාලගේ දිගුවක් පමණයි. කෙසේ වෙතත් 2019 ලෝක කුසලානය වන විට රටේ කණ්ඩායමක් ඉතිරිවේද යන්නනම් ප්‍රශ්නයක් වන අතර ටෙස්ට් තත්වයත් නැති කරගතහොත් දයාසිරි සුමතිපාල ෆයිසර් සහ රටේ නායකයන් ලෙස සිටින කශේරුකාවක් නැති ප්‍රධාන දෙදෙනාද වගකිව යුතු අතර මෙය විනාශ කර අවසන් වූ පසු තමන්ගේ ව්‍යාපාර කරගෙන ඔවුන්ගේ වැඩ කරගෙන ඔවුන් ජීවිතය සතුටින් ගෙවනු ඇත.

එහෙත් රටේ සැනසෙන්නට තිබු එකම ක්‍රීඩාවත් රටවැසියාට නොමැති වීමෙන් සියල්ල නැතිවුණ මහජනයා උමතුවෙන් ශෝකයෙන් ජිවත් වී මිය යනු ඇති.

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!