Breaking News
Home / දේශීය පුවත් / විශ්වාස බංගය අස්සේ වෙච්ච කුමන්ත්‍රන සැලසුම් රදවා ගැනීම් හා කොළඹ තිරය පසුපස වෙච්ච කථා

විශ්වාස බංගය අස්සේ වෙච්ච කුමන්ත්‍රන සැලසුම් රදවා ගැනීම් හා කොළඹ තිරය පසුපස වෙච්ච කථා

පාවාදුන් පිරිස හෙළි කරන්න 16 කල්ලිය තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාකප්පල් කිරීමට මූලික වූ පුද්ගලයින් පිළිබඳ ඉදිරි සති දෙක ඇතුළත දී රටේ ජනතාවට කරුණු පැහැදිලි කිරීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් තීරණය කර තිබෙනවා.

පසුගිය දා සිය තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන සුසිල් ප්‍රේමජයන්ත හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ දී රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු දෙආකාරයකින් කටයුතු කළේ පක්ෂයේ පිරිසක් නිසා බවයි.

එලෙස මෙම කඩාකප්පල් වැඩපිළිවෙල පිටුපස සිටින පිරිස ඉදිරි සති දෙක ඇතුලත රටට හෙළි කරන බවයි ඔහු සඳහන් කරන්නේ.</p>

එමෙන්ම සිය 16 දෙනාගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් වී නොමැති බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

නිදහස් පක්ෂයේ 8ක් එජාපය සමග කුමණ්ත්‍රණයක්

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨයෙකු නම සඳහන් නොකරමින් ජාතික පුවත්පතක් වෙත හෙළි කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජය කොට ඔහුට ජය ගන්නට අවස්ථාව සැළසුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් අටදෙනකු එජාපය සමඟ කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා බව යි.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා වන දේශපාලන වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් ඒකාබද්ධ විපක්ෂය සමඟ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පත්කර සිටියේ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා බවත් පසුව එම කටයුත්ත එස්.බී. දිසානායක සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් අතට ගත් බවත් එම නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයා අනාවරණය කරනවා.

පාවාදීම වෙනුවෙන් එජාපයෙන් තෑගි බෝග

එජාපය සමඟ කුමන්ත්‍රණයේ යෙදුණු මේ අට දෙනාගෙන් ප්‍රබලයකුට ඉලක්කම් නවයක විශාල මුදලක් ලැබී තිබෙන බව ද මෙම ජ්‍යෙෂ්ඨයා පවසනවා.

එමෙන්ම මේවන විට රාජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කරන නිදහස් පක්ෂයේ අයෙකු ලබන මහා මැතිවරණයේදී ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිවරයකු ලෙස නම් කිරීමටත්, සබරගමුව පළාත් ඇමැතිවරයකු ලෙස දැනට කටයුතු කරන අයකුට ලබන මහ මැතිවරණයේදී එජාපයෙන් නාම යෝජනා දෙන බවට පොරොන්දු වී තිබෙන බව ද ඔහු හෙළි කරනවා.

තව ද එජාපයේ මන්ත්‍රිවරුන් 15 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය දීමට කැමැත්ත පළකර තිබූ අතර, ඡන්දය පැවැති දින ඔවුන්ගෙන් පිරිසක් කොළඹ ස්ථානයක රඳවාගෙන සිටි බවත් එසේම තවත් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයේ පන්සලක රඳවාගෙන සිටි බවත් කොළඹ නගර සීමාවේ පදිංචි ඇමැතිවරයකුගේ නිවෙසකත් කීප දෙනකු රඳවාගෙන සිටි බවත් ඔහු සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් 6 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්ද දෙන පිරිස අතර සිටි නමුත් ඔවුන්ද ඡන්දය විමසන දින කොළඹ ස්ථානයක රඳවා සිටි බවයි.

මේ අන්දමට කටයුතු සැළසුම් සහගතව සංවිධානය කර තිබියදී ශ්‍රී ලනිපයේ කොටසක් ඡන්දය දීමෙන් වැළැකී සිටීමට ගත් තීරණය හේතුවෙන් යෝජනාවට පක්ෂව, ඡන්දය දීමට සුදානමින් සිටි පිරිස අවසානයේ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් බව ද එම නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයා අදාළ ජාතික පුවත්පත වෙත වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අමරවීරත් හෙළිදරව්වකට සූදානම්

මේ අතර තමා ද හෙළිදරව්වක් කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ද පවසනවා.

තනතුරුවලින් ඉවත් වූ 16 දෙනා බොහෝ දෑ කියමින් සිටින බවත් එ්වා ඇසෙද්දී &#8220;අපි හිටියේ මිනිස්සුත් එක්කදැ&#8221;යි කල්පනාවන බවත් ඔහු පැවසුවා.

ඔවුන් වෛරයෙන් ක්‍රෝදයෙන් කටයුතු කරමින් තමන් එජාපයට එක්වන බව ද පවසමින් හංවඩු ගැසීමට උත්සහ දරන බවත් තමන් එලෙස එජාපයට එක් නොවන බවත් අමරවීර අමාත්‍යවරයා සඳහන් කළා.

ඔවුන්ගේ එම ප්‍රකාශ පිළිබඳව තමා කණගාටුවන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙය පිටුපස ඇති ඇත්ත කතාව තමාද දන්නා හෙයින් ඒ පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කිරීමට තමා ඉදිරියේ කටයුතු කරන බවයි.

නමුත් තමා එය සිදු කරන්නේ සජීවී වැඩසටහනක දී පමණක් බවත් නැතිනම් තමා කියන දෑ සංස්කරණය වන බවත් ඔහු ප්‍රකාශ කළා.

&#8220;ආණ්ඩුවෙන් ඉවත්වෙන්න එපා, ආණ්ඩුවේ ඉන්න&#8221; යනුවෙන් ජනාධිපතිවරයා පැවසූ බවත් රට ඉදිරියට ගෙන යාමට තමාට උදව් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ එම වචනය හේතුවෙන් තමන් ඇතුළු පිරිස මෙම තනතුරුවල සිටිමින් වැඩකරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

About article14_2

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!