Breaking News
Home / දේශීය පුවත් / විශ්වාස බංගයෙන් රනිල්ගෙන් ලකුණු දාගත් විජේදාසට උසස් අධ්‍යාපනය ෆොන්සේකාට අලි. දුමින්දට කෘෂි අහිමිවෙයි. මෙන්න අනපු කැබිනට් එක

විශ්වාස බංගයෙන් රනිල්ගෙන් ලකුණු දාගත් විජේදාසට උසස් අධ්‍යාපනය ෆොන්සේකාට අලි. දුමින්දට කෘෂි අහිමිවෙයි. මෙන්න අනපු කැබිනට් එක

ආණ්ඩුවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (01දා) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනා.

ආණ්ඩුවේ සියලුම ඇමතිවරුන්ට අද උදෑසන 9.30 වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටි අතර ජනාධිපති කාර්යාලයෙන් ඊයේ (30දා) දැනුම් දී ඇති අතර කැබිනට් අමාත්‍යවරුන් පමණක් අද දිනයේදී දිවුරුම් දුන්නා.

ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා එක්ව මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විද්‍යාත්මක විෂය බෙදීමක් යටතේ අමාත්‍යාංශ නම් කරීම සිදුකර ඇති අතර, ඒ අනුව අමාත්‍යාංශ සංඛ්‍යාව 43ට සීමාකර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව,

ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

සරත් අමුණුගම – විද්‍යා තාක්ෂණ, පර්යේෂණ, වෘත්තිය පුහුණු, නිපුණතා සංවර්ධන, කදුරට උරුමය අමාත්‍ය

එස් බී නාවින්න – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන

මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

Image may contain: one or more people and people sitting

දුමින්ද දිසානායක – වාරිමාර්ග, ජල සම්පත්, ආපදා කළමනාකරණ අමාත්‍ය

පී. හැරිසන් – සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන

රංජිත් මද්දුමබණ්ඩාර – රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ, නීතිය හා සාමය අමාත්‍ය

තලතා අතුකෝරළ – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ

ෆයිසර් මුස්තාපා – ක්‍රීඩා හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය

විජිත් විජයමුණි සොයිසා – ධීවර හා ජල සම්පත් සංවර්ධන සහ හින්දු ආගම් කටයුතු අමාත්‍ය

සාගල රත්නායක – ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

මනෝ ගනේෂන් – ජාතික සහයෝගීතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය

Image may contain: one or more people

දයා ගමගේ – සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

සරත් ෆොන්සේකා – තිරසර සංවර්ධන, වනජීවී, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

රවින්ද්‍ර සමරවික්‍රම – කම්කරු වෘත්තිය සබදතා අමාත්‍ය අමාත්‍ය

විජේදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන අමාත්‍ය සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් බොහෝදුරට හෙට(02දා) දිවුරුම් දීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තාවේ

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!