Breaking News
Home / දේශීය පුවත් / විල්පත්තුව ආසන්නයේ ඇති වනාතවිල්ලුව අක්කර 100 ක වනාන්තර ගිනි තබා විනාශ කරලා. ආඬිගම වැව් රක්ෂිතයත් මන්ත්‍රී හෙන්චයියෝ එලිකරලා

විල්පත්තුව ආසන්නයේ ඇති වනාතවිල්ලුව අක්කර 100 ක වනාන්තර ගිනි තබා විනාශ කරලා. ආඬිගම වැව් රක්ෂිතයත් මන්ත්‍රී හෙන්චයියෝ එලිකරලා

විල්පත්තුව රක්ෂිත වනාන්තරය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව ප්‍රදේශයේ වනාන්තර පද්ධතියක් මුළුමුනින්ම ගිනි තබා විනාශ කර තිබේ.

මෙමගින් අක්කර 100 ක පමණ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර ගත් වරදකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි.

වසර 200ක අධික කාලයක් මෙහි තිබූ වටිනාකමින් ඉහල ගස් වර්ග ද කපා දමා ඇතැයි ද සඳහන්ය. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම වනාන්තරය තුළ මෙරටට ආවේණික සත්වයින් සහ ශාක රැසක් බහුල වූ බවයි.

එසේම පුත්තලම ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂණ කලාපය නීතිවිරෝධී ලෙස හෙපිපෙහෙළි කිරීමත් සිදු වන බව වාර්තා වේ. එහි ඇතුළු වූ දේශපාලන ආධාරකරුවන් පිරිසක් පොල්පැල සිටුවමින් භූමිය අයත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව කියා සිටිති.

මෙම පිරිස පසුගිය මහා මැතිවරණයේදී එක් අපේක්ෂකයෙකු ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ පිරිසකි. මැතිවරණයෙන් එම අපේක්ෂකයා ජය ගැනීමෙන් පසු ඔහුගේ සහය මත තමන් මෙම කටයුත්ත කරන බව පැවසූ බව ප‍්‍රදේහවාසීන් කියති.

මෙය නවතන ලෙස ඉල්ලා සිටිය ද තමන්ට ද තර්ජනය කරමින් ඔවුන් එම කටයුත්තේ දිගටම යෙදී සිටින්නේ යැයි ද ජනතාව කියා සිටිති.

Lankacnews

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!