Breaking News
Home / ක්‍රිඩා / විරාත් – අනුෂ්කා ආදර අන්දරයට වසන්තය උදාවෙයි විරාත් ක්‍රිකට් අතහැර දෙසැම්බරයේ විවාහ වෙයි

විරාත් – අනුෂ්කා ආදර අන්දරයට වසන්තය උදාවෙයි විරාත් ක්‍රිකට් අතහැර දෙසැම්බරයේ විවාහ වෙයි

ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වෙනවා. එ් ටෙස්ට් තරඟ 3 ක්, එක්දින තරඟ 3 ක් හා විස්සයි විස්ස තරඟ 3 ක තරඟාවලියක් සදහා. මේ වෙද්දිත් ලංකාව එක්ක තියෙන ටෙස්ට් තරඟාවලියට සහභාගී වෙන ඉන්දියාවේ සංචිතය නම් කරලා තියෙන්නෙ. සුපුරුදු පරිදි ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමි වෙලා තියෙන්නෙ විරාත් කෝලිට.

හැබැයි ලංකාව එක්ක තියෙන එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියට සෙල්ලම් කරන්න බෑ කියලා කෝලි කියලා තියෙනවා. එ් ගැන දන්වලා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔහු ලිපියකුත් යවලා තියෙනවා. ඉන්දීය මාධ්‍යය වාර්තා කරන විදියට කෝලි ලංකාව එක්ක එක්දින තරඟාවලියට ක්‍රීඩා නොකරන්න හේතුව ඔහු දෙසැම්බර් වල විවාහ වෙන නිසාලු. කෝලි ඔහුගේ පෙම්වතිය වන අනුෂ්කා ශර්මා එක්ක තමයි විවාහ වෙන්න ඉන්නෙ.

කොහොම වුනත් විරාත් කෝලිගේ ප්‍රියතම ප්‍රතිවාදීයා ලංකාව. මොකද ඔහු වැඩියෙන්ම ශතක රැස් කරගෙන තියෙන්නෙ ලංකාවට එරෙහිව. එ් වුනත් විවාහය වෙනුවෙන් ඔහුගේ ශතක මල්ලට තවත් ශතක කිහිපයක් එකතු කර ගන්න තියෙන අවස්තාව ඔහු අතහැරලා තියෙනවා. එ්ක ලංකාවට නම් සුභ පණිවිඩයක් කිව්වට වරදක් නෑ.

About article14

Check Also

තොන්ඩා කුඩු ගහන බව රන්ජන්ගේ රහසිගත කෝල් එකෙන් හෙළි වෙයි දිගම්බරන් කලින්ම නඩුවකුත් දාලා. ඒ නඩු යටගහලා. රන්ජන් කියන්නේ ඇත්ත

හැමෝටම ඇමතුම් දී මාධ්‍ය සාකච්චා තියන රන්ජන්ට එම පන්නයේම සිද්දියක් ගාල්ල දිස්ත්‍රික්කයේ පුෂ්පකුමාර මන්ත්‍රීවරයා සිදු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!