Breaking News
Home / දේශීය පුවත් / වියට්නාමය හා ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට යයි. ජාත්‍යන්තර වෙසක් දිනයට සහය වන්නැයි වියට්නාමය ඉල්ලයි

වියට්නාමය හා ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට යයි. ජාත්‍යන්තර වෙසක් දිනයට සහය වන්නැයි වියට්නාමය ඉල්ලයි

අගමැති රනිල්ගේ වියට්නාම සංචාරයේ එරට අගමැති ගුයෙන් ශුයෙන් ෆුක් මහතා (11) මුණගැසී තිබෙනවා. එහිදී දෙරටේ දේශපාලන ආර්ථික ආගමික සම්බන්ධතා වර්ධනය කිරීමට සාකච්චා කර තිබෙනවා.

ලබන වසරේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනය වියට්නාමයේ හැනොයි නගරයේ පැවැත්වීමට සහය දෙන මෙන් අගමැති වරයාගෙන එරට අගමැතිවරයා ඉල්ලා තිබෙනවා.

එසේම වියට්නාමය හා ලංකාව අතර ඉතිහාසගත සම්බන්ධතා සොයා බැලීමට කමිටුවක් පත කර ඇති අතර වියට්නාම ජාතිකයින් ලංකාවේ සංචාරයට දැඩි කැමැත්තෙන් පසුවන බැවින් දෙරට අතර සෘජු ගුවන් සේවයක් ආරම්භ කරන ලෙස ෆුක් අගමැතිවරයා යෝජනා කර ඇති අතර එයට එකගත්වය මෙරට අගමැති පළකර තිබෙනවා.

නොවැම්බර් මස වියට්නාම ව්‍යාපාරික සමුළුවක් පැවැත්වීමටත් දෙරටේ ධිවර කටයුතු සදහා ගිවිසුමක් සැකසීමටත් එකග වී ඇති අතර ඉන්දියන් සාගරයේ නිදහස් නාවික කටයුතු හා සාමය ආරක්ෂා කිරීමට දෙරටේ අගමැති වරු සහතික වී තිබෙනවා.

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!