Breaking News
Home / දේශීය පුවත් / විමල් දිනේෂ් ඇතුළු 12 ක් පාර්ලිමේන්තු සෝපානයේ විනාඩි 15 ක් හිරවෙයි ‘කණගාටුයි’ කරු කියයි ‘ඩින්ගෙන් හුස්ම ඉවරයි’ විමල් කියයි ‘ශික් අපරාදේ’ ජනතාව කියයි

විමල් දිනේෂ් ඇතුළු 12 ක් පාර්ලිමේන්තු සෝපානයේ විනාඩි 15 ක් හිරවෙයි ‘කණගාටුයි’ කරු කියයි ‘ඩින්ගෙන් හුස්ම ඉවරයි’ විමල් කියයි ‘ශික් අපරාදේ’ ජනතාව කියයි

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානයක් තුළ මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු විනාඩි 15ක පමණ කාලයක් සිරවී සිටි බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කෙරුණා.පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කියා සිටියේ තමන් මෙන්ම දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු පමණ එම විදුලි සෝපානයේ සිර වී සිටි බවයි.

හදිසි දුරකතන ඇමතුම් ලබාදී ඒ පිළිබඳ දැනුවත් කළද විනාඩි 15ක් පමණ යන තුරුම විදුලි සෝපානය විවෘත කිරීමට අදාළ අංශ ක‍්‍රියාත්මක නොවූ බවයි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා කියා සිටියේ.ඒ පිළිබඳ වහාම සොයා බලන ලෙස ද මන්ත‍්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.එහිදී හාස්‍යජනක කතාවක් ඇතිවූ අතර එය මෙසේ වෙයි.

විමල් – අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න.කථානායක – මම කණගාටුවෙනවා ඒ ගැන, හොයල බලන්නම්. විමල් – කණගාටුවෙලා හරියන්නේ නැහැ තවඩින්ගෙන් හුස්ම ටික නැතිවෙනවා. නමුත් සමාජජලා පිටු සමහරක් මෙයට කිවේ ‘ශික් අපරාදේ චාන්ස් එක මිස් වුනා’ යනුවෙන්. මේවයින් පෙනීයන්නේ ලංකවේ දේශපාලකයාට තිබෙන ස්ථානයයි. එම ස්ථානය ඔවුන් හදාගත්තේ ඔවුන්ගේ තක්කඩි වැඩ නිසයි.

About article14

Check Also

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!