ජා.නි.පෙ. දේශපාලන මණ්ඩලය රැස්වේ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ එම පක්ෂ මුලස්ථානයේදියි. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ ඊයේ දිනයේදි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා කිරිමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.
පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට අවශ්‍ය බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජාතියෙන් සමාව ගත යුතු බව ජාතික සංවිධායක පියසිරි විජේනායක ඊයේ ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මෙම දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගිවීමට පෙර අප ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායකගෙන් විමසීමක් කළා. එහිදී ඔහු ප්‍රකාශ කළේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තමන් කළ ප්‍රකාශය පිළිබඳව කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි.