Breaking News
Home / දේශීය පුවත් / විපක්ෂ නායක ලෙස ඉන්නේ විශ්වාස නැති ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් පාර්ලිමේන්තුව යලි කැදවන්න එපා – මහා සංඝරත්නය

විපක්ෂ නායක ලෙස ඉන්නේ විශ්වාස නැති ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් පාර්ලිමේන්තුව යලි කැදවන්න එපා – මහා සංඝරත්නය

පාර්ලිමේන්තුව නොකැදවන ලෙස විශෙෂයෙන්ම තමන් ඉල්ලා සිටින්නේ විපක්ෂ නායක ධූරයේ සජිත් ප්‍රේමදාස සිටින නිසාවෙන් බව මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන් ජනාධිපති ප්‍රමුඛ රජයට දැනුම් දී ඇත

ඔහු විපක්ෂ නායක ධූරයේ සිටිනතාක් මොනම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව නොකැදවන ලෙස මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන් රජයෙන් ඉල්ලා තිබේ

විපක්ෂ නායක ධූරයේ සජිත් ප්‍රේමදාස වෙනුවට වෙන විශ්වාස කල හැකි කෙනෙක් සිටියේ නම් ගැටලුවක් නොමැති බවත් මොවුන් මෙලෙස පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලන්නේ ආණ්ඩුව පෙරලා අර්බුධයක් සාදා රට අස්ථාවර කිරීමට බවත් විද්වතුන් කියා ඇත

සජිත් ප්‍රේමදාස යනු එකක් එළියේ කියා පසුව සැනකින් වෙනස් දෙයක් කරන දේශපාලන වශයෙන් ප්‍රතිපත්තියක් නොමැති නොමේරු පුද්ගලයකු බැවින් පාර්ලිමේන්තුව කිසිසේත් නොකැදවන ලෙස ඉල්ලා ඇති මහාසංඝරත්නය පවතින පාලන ක්‍රමය කොරෝනා අවසන් වන තුරු පවත්වාගෙන යන ලෙසද ඉල්ලා තිබේ

ඉකුත් දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ මහා සංඝරත්නය එම හමුවේදිත් ඉන් පසුව පෞද්ගලිකවත් මෙම ඉල්ලීමද කල බ ඊට සහභාගි වූ භික්ෂූන් වහන්සේ නමක් හෙලිකලා.

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!