ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එක්දින තරග 6 ක තහනමක් පනවා තිබෙනවා. ඒ විනය විරෝධීව හැසිරීමේ චෝදනා මතයි.
පසුගියදා අවසන් වු ඉන්දියාව සමග පැවති තරගාවලිය අතරතුර ඔහු විනය විරෝධීව හැසිරී ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් ලැබුනු පැමිණිලි අනුව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විනය කමිටුව පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.
එහිදී එළඹුනු තීරණවලට අනුවයි මෙම තරග තහනම පනවා ඇත්තේ. මේ හේතුවෙන් පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ සංචිතයට ද ධනුෂ්ක ගුණතිලක ඇතුලත් වුයේ නැහැ. මේ අතර එම සංචිතයෙන් ලසිත් මාලිංග සහ ඇන්ජෙලෝ මැතිව්ස් ද ඉවත්කර තිබෙනවා.