Breaking News
Home / දේශීය පුවත් / විජේදාස ඉවත් කරන බවට කබීර් හෂීම්ගෙන් නිළ නිවේදනයක්

විජේදාස ඉවත් කරන බවට කබීර් හෂීම්ගෙන් නිළ නිවේදනයක්

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ අමාත්‍ය පදවියෙන් ඉවත්කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අමාත්‍යවරයා දිගින් දිගටම පක්ෂයේත් කැබිනට් මණ්ඩලයේත් සාමූහික වගකීම උල්ලංඝනය කරමින් කටයුතු කරන බැවින් ඔහු අමාත්‍ය පදවියෙන් ඉවත් කළ යුතු බවට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව ද පක්ෂ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් නිකුත්කළ නිවේදනයක සඳහන්වේ.

පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සමග සාකච්ඡා කර සිය ප්‍රකාශ නිවැරදි කිරීම පිණිස කටයුතු කරන මෙන් පක්ෂය මීට ඉහතදී කළ දැනුම්දීමට එකඟත්වය පළ කළ අමාත්‍යවරයා, ඉන් අනතුරුවත් එම එකඟතාව කඩකරමින් තවදුරටත් රජයේ අමාත්‍යවරුන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කළ බවත් නිවේදනයේ දැක්වේ.

BBC

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!