Breaking News
Home / දේශීය පුවත් / වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක නිලධාරින් දෙදෙනෙක්ටත් කොවිඩ්

වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක නිලධාරින් දෙදෙනෙක්ටත් කොවිඩ්

වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කරන්නේ එම නිලධාරීන්ගේ මවුවරුන්ට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි.

ගනේමුල්ල ප්‍රදේශයේ බැංකු ශාඛාවක ආසාදිත නිලධාරියකු එම ශාඛාවට පැමිණි බව හෙලිවීමෙන් පසු සිදුකරන ලද කොරෝ්නා පරික්ෂා වලදී මෙම ආසාදිතයන් හමු වී ඇත. ඔවුන් ආශ්‍රය කළා පුද්ගලයන් සියලු දෙනා නිරෝධාය ට ලක් කිරීමට කටයුතු කර ඇති අතර කොරෝනා පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතය.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව රට පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 340ක් තුළින් කොරෝනා රතු අවදානම් කලාප වී ඇත්තේ වෛද්‍ය නිලධාරී කොට්ඨාස 25-30 ත් අතර ප්‍රමාණයක් බවයි.

එනිසා පැතිරීමේ අවදානම අඩු කිරීම සඳහා හොඳම ක්‍රමය කුඩාම ඒකකයට සංචරණ සීමා පැනවීම් බවද ඔහු පැවසීය.ඒ අනුව ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් අවදානම හඳුනාගෙන අවශ්‍ය කොටස් සදහා සංචරන සීමා පැනවීම වඩා සුදුසු බවද ඔහු පැවසුවේය.

එමගින් සමස්ත රටට සිදුවන බලපෑම අවම කර ගත හැකි නමුත් දැනට සිදුවන සං ක්‍රියාවලිය පිළිබඳව සම්පූර්ණයෙන් සතුටු විය නොහැකි බවද ඔහු කියා සිටියේය.අවදානම නිසි පරිදි තක්සේරු කර ප්‍රාදේශීය වශයෙන් වසා දැමීමට කටයුතු නොකළ හොත් රටම වසා දමන අවදානමක් ඇති වනු ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. – lankacnews

About article14

Check Also

චීනය ඉලක්ක කර ඉන්දියාව ඇමරිකාව යුධ ක්‍රියාන්විතයකට ලංකාව මැදි කිරීමට පොම්පියෝ ආ බව ජවිපෙ හෙළිදරව්වක්

ජවිපෙ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක විවිධ හෙළිකිරීම් කිහිපයක් කල අතර එය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!