Breaking News
Home / දේශීය පුවත් / වැල්ලවත්තේ සැවෝයි අසල පස්මහල් ගොඩනැගිල්ලක් සුන්වී පිරිසක් යට

වැල්ලවත්තේ සැවෝයි අසල පස්මහල් ගොඩනැගිල්ලක් සුන්වී පිරිසක් යට

වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව අසල මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව වාර්තාවෙයි.

ගොඩනැගිල්ල කඩාවැටීම හේතුවෙන් අනතුරට ලක්වූවන් මුදාගැනීම සඳහා මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක බව පොලිසිය පොලීසිය සඳහන් කරයි.

සිද්ධියත් සමඟ වැල්ලවත්ත අවට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණයවී ඇතැයි වාර්තා වේ.

පොලීසිය හා අවට පිරිස් එක්ව තුවාලවූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින අතර අනතුරින් තුවාල ලැබූවන් 08දෙනෙකු කළුබෝවිල රෝහලට අතුලත් කර ඇත.

එසේම තවත් කිහිප දෙනෙකු කොළඹ ජාතික රෝහලට අතුලත් කර ඇතැයි වාර්තා වේ.

වැල්ලවත්ත, චාර්ලිමන් රෝඩ්හි කඩාවැටුණු පස් මහල් ගොඩනැඟිලේ සුන් බුන් අතර තවත් පිරිස් සිරවී සිටින බවට වාර්තා වේ.

අධික වර්ෂාවත් සමග පිරිස් මුදාගැනීමේ කටයුතු දැඩි අසීරුවී ඇති බවත්, එසේ වුවද සුන්බුන් අතර සිටින කිසිවෙකු තමන් බේරාගන්නා ලෙස කෑගසන හඬ ඇසෙන බවට වාර්තාවේ.

ගිනි නිවන හමුදා මැදිහත්ව මේවන විට එම පුද්ගලයා බේරාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අවට දැඩි රථ වාහන තදබදයක් පවත්නා බවත් වාර්තා වේ.

යුද හමුදා, ගිනි නිවන හමුදා හා පොලීසිය එක්ව තව දුරටත් මෙහෙයුම් කටයුතු සිදුකෙරෙන බව අප වාර්තාකරු පවසයි.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!