Breaking News
Home / දේශීය පුවත් / වැඩිහිටියන්ට පමණයි රඟපා නළුවකු වූ අර්ජුන හමුදාවෙන් පඩි ගත් බව හමුදා ප්‍රකාශක පවසයි. දැං සිංහයා නැගිටියිද?

වැඩිහිටියන්ට පමණයි රඟපා නළුවකු වූ අර්ජුන හමුදාවෙන් පඩි ගත් බව හමුදා ප්‍රකාශක පවසයි. දැං සිංහයා නැගිටියිද?

ගායන ශිල්පී ක‍්‍රිෂාන්ත එරන්දක සහ රංගන ශිල්පී අර්ජුන කමලනාත් යන දෙදෙනා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සැරයන්වරුන් ලෙස 2009 වසරේ සිට බඳවාගෙන වැටුප් ලබාදී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

රණවිරුවන් දිරිගැන්වීම් සහ විනෝදාස්වාදය සඳහා වන ව්‍යාපෘති සැලසුම්කිරීම සඳහා ඔවුන්ව මෙසේ බඳවාගෙන ඇති අතර 2015 ජනවාරි 1 වැනිදා සිට ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබෙන බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට එවැනි බඳවාගැනීම් කළ හැකි බව කී බි‍්‍රගේඩියර්වරයා යම් අවස්ථාවක ඔවුන්ගේ සේවය අනවශ්‍ය නම් ඉවත් කළ හැකි බව ද ප‍්‍රකාශ කළේය.

බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා මේ බව පැවසුවේ පසුගිය රජය සමයේ කලාකරුවන්ට හමුදාවෙන් වැටුප් දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු සත්‍ය ඒවාද යනුවෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

About article14_2

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!