Breaking News
Home / දේශීය පුවත් / ‘වාණිජ වටිනාකමක් නැති වරායක් හදන්න චිනේ අසීමිතව නය දීලා ලංකාව සින්න කරගත්තා’ චීන ඇමරිකා ගැටුම උග්‍ර වනබව පෙන්වමින් ඇමරිකා උප ජනපති කියයි

‘වාණිජ වටිනාකමක් නැති වරායක් හදන්න චිනේ අසීමිතව නය දීලා ලංකාව සින්න කරගත්තා’ චීන ඇමරිකා ගැටුම උග්‍ර වනබව පෙන්වමින් ඇමරිකා උප ජනපති කියයි

දකුණු චීන මුහුදේ සිය ආධිපත්‍යය පැතිරවීමට චීනය ගෙන ඇති පියවර පිළිබද දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළ ඔහු හම්බන්තොට වරාය චීනයට පැවරීමට ශ්‍රී ලංකාවට සිදුවූ හේතුව පිළිබදව ද අදහස් පළ කළා.

Image result for america vice president

‘‘ චීනය ලොව පුරා රටවල් තම රජයේ ග්‍රහණයට බැද තබා ගැනීම සඳහා ඩොලර් බිලියන ගණන් එම රටවල යටිතල පහසුකම් ණය ලෙස ලබාදෙනවා. එය ණය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායක් ලෙස හැදින්විය හැකියි. එම ණයවල කොන්දේසි විශේෂයෙන්ම චීනයට වාසිදායක අන්දමින් සැකසූ ඒවායි. එවැනි අවස්ථාවකට උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය හැදින්විය හැකියි.

Image result for hambantota port

ලක් රජය විසින් 2010 වසරේදී චීන මූල්‍ය ආධාර යටතේ ඉදිකළ එම වරාය දැන් ක්‍රියාත්මක වුවද එම ණය ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකිවීම නිසා හිමිකාරත්වය චීන රජයේ සමාගමකට පැවරීමට සිදුවුණා. එය නුදුරේදීම චීන නාවික හමුදාවේ ඉදිරි පෙළ හමුදා කදවුරක් වේවි. ’’

චීනයේ ණය උගුලට හසුවූ රටවලට විකල්ප මූල්‍ය පහසුකම් ලබාදීම පිළිබදව ඇමරිකාවේ අවධානය යොමු වී ඇති බවයි එරට උප ජනාධිපති මයික් පෙන්ස් වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සඳහා ඇමරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය ප්‍රතිපත්තිය යළි ඇගයීමට ලක් කෙරනවා. එලෙස සැකසූ නව ප්‍රතිපත්තිය ජනපති ට්‍රම්ප් මේ සතියේ අත්සන් තැබීමෙන් පසු නීතියක් බවට පත්වන බව උප ජනාධිපති පෙන්ස් කියා සිටියා.

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!