Breaking News
Home / දේශීය පුවත් / ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය පරිදි අර්ථකථනය කර රට අවුලක පැටලීම පසුපස රනිල් විරෝධී ශිරාල් මෛත්‍රී ගුණරත්න කැෆේ කිර්ති තෙන්නකෝන් ඇතුළු පිරිසක්

ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය පරිදි අර්ථකථනය කර රට අවුලක පැටලීම පසුපස රනිල් විරෝධී ශිරාල් මෛත්‍රී ගුණරත්න කැෆේ කිර්ති තෙන්නකෝන් ඇතුළු පිරිසක්

පාර්ලිමේන්තුව අමාත්‍යංශ ඇතුලු සමස්ත රටම එකම අවුල් ජාලාවක් බවට පත්කිරීමට හා ව්‍යවස්තානුකුල අර්බුධයක උගුලට ජනාධිපතිවරයා වට්ටවා ඇත්තේ එජාපයේ සිට කැරලි ගසා පසුව මෛත්‍රිගේ ජේෂ්ඨ උපදේශකයන් වූ මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක යන පුද්ගලයින් බවයි ආරංචිමාර්ග සදහන් කරයි.

තවත් විවිධ උපදේශකයන් සිටියත් ඔවුන්වත් දැනුවත් නොකර එජාප නායක රනිල් සමග නයි වෛරයකින් පසුවන මොවුන් දෙදෙනා ජනාධිපතිවරයාට කලක් තිස්සේ එනම් යහපාලන ආණ්ඩුව පත්වූ දින සිට විවිධ ක්‍රම මගින් දෙදෙනා බේදබින්න කර තම පරණ කෝන්තර පිරිමැහිමට විශාල උත්සහයක් ගත් අතර මෛත්‍රී ගුණරත්න පක්ෂක් පිහිටවාගෙන මාස කිහිපයකට පෙර නුවර සිට කොළඹට කිහිපදෙනෙක් සමග විරෝධතාවක ආවේද මේ පසුබිම තුලයි.

මේ සදහා ස්වාධින නිරීක්ෂක රාජ්‍ය නොවන සංවිධානයක් වන කැෆේ සංවිධානයේ කිර්ති තෙන්නකෝන්ද වරින් වර යොදාගෙන ඔහු හරහා ප්‍රකාශ නිකුත් කර රට ආරජිකවී ඇති බවත් කොන්දක් නැති ආණ්ඩුවක් ගිය ආණ්ඩුවේ දේශපාලකයන්ගෙන් පලිගන්නා බවත් විවිධ ප්‍රකාශ කර තිබේ. අදටත් එම සටහන් ඔහුගේ ෆේස්බුක් පිටුවල දක්නට ඇත.

එසේම මේ ප්‍රශ්නවල නීතිමය පැත්ත හා නීතිමය වශයෙන් සුජාතභාවය තහවුරු කිරීමට නීතිඥ ප්‍රරතිභා මහනාමද වරින් වර යොදාගන්නේ මාස කිහිපයකට පෙර මිය ගිය හේමක වර්ණසුරියද අතුලුවයි. හේමක වර්ණසුරිය යනු දුමින්ද සිල්වා ඇතුළු ප්‍රභාලයන් කිහිප දෙනෙක්ගේ නීතිඥයයි.

හේමක වර්ණසුරිය යනු එජාප මන්ත්‍රී බුද්ධික පතිරණගේ මාමණ්ඩියයි. ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න බුද්ධික පතිරණ සජිත් කල්ලියේ සිට රනිල්ට කැරලි ගසද්දී මේ සියල්ල එකට සිටි කල්ලියකි.

චන්දයකින් හෝ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි හුවමාරුවකින් තොරව එකවරම පාර්ලිමේන්තුව කල්දමා ව්‍යවස්ථාව ඔවුන්ට ඕනෑ ලෙස අර්ථකථනය කරමින් හිටිහැටියේ පැය හතරක් තුල රටම කැලැබූ තීරණයක් ගැනීම පසුපස මොවුන් මුලික වී සිටින බවයි ආරංචිමාර්ග සදහන් කරන්නේ. ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්නට අවශ්‍ය රටේ ජනයාගේ පැවැත්ම නොව රට ලේ විලක් කර හෝ රනිල්ගෙන් පරණ කෝන්තරය පිරිමහිම බවයි තොරතුරු දන්නෝ සදහන් කරන්නේ.

මහින්දගේ සම්පුර්ණ බල සිහිනය බොඳ කල මෛත්‍රීපාල සමග වසර 3 හමාරකින් සියලු කෝන්තර අතහැර කිසිවක් නොවුවා සේ එකතුවිය හැකි වුවත් ශිරාල් ලක්තිලක හා මෛත්‍රි ගුණරත්නට රටේ ජනතාව බිල්ලට දී හෝ තම කෝන්තර පිරිමහගැනීම පමණක් ජිවිත කාලයම කැප කිරීම ප්‍රභාකරන්ටත් වඩා කොතරම් භයානකද යන්න දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

ව්‍යවස්ථා ප්‍රශ්නය නිසා මේ වන විට ජාත්‍යන්තර සහය පිළිබද දැඩි අවධානමක් මතුව ඇති අතර අතවශ්‍ය භාණ්ඩ සියල්ල පිට රටකින් ගෙනෙන රටකට ලෝකයේ සහය අත්‍යවශ්‍ය ඇයි දැයි තේරීමට මහා බුද්ධිමතකු විය යුතු නොවේ. මේ සියල්ල ජනතාව රැවටීමට ගමේ චන්ඩින් මෙන් ජාත්‍යන්තරයට බැන්නාට ඔවුන් හොර පාරේ ලෝක සහය ඉල්ලමින් හඩා වැටෙන අවස්ථාද දුදරුවන් එම රටවල උගන්වා පදිංචි කර ඇති අවස්ථා අප දැක ඇත.

තවත් ඉදිරියට රාජ්‍ය නොවන සංවිධාන පුද්ගලයන් එකතු කරගෙන මොවුන් කුමන බරපතල දේවල් කර රටේ ජනයා විනාශය කරා ගෙන යයිදැයි නොදන්නා බව විචාරකයන්ගේ අදහසයි.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!