Breaking News
Home / දේශීය පුවත් / ව්‍යවස්ථාවට පටහැනිව මැතිවරණයක් පැවැත්වීම සර්වජන ඡන්ද අයිතිය නොවේ නඩු තීන්දුව පැහැදිලි කරමින් ලොව 5 වතාවක් අගමැති වූ රනිල් ජාතිය අමතයි

ව්‍යවස්ථාවට පටහැනිව මැතිවරණයක් පැවැත්වීම සර්වජන ඡන්ද අයිතිය නොවේ නඩු තීන්දුව පැහැදිලි කරමින් ලොව 5 වතාවක් අගමැති වූ රනිල් ජාතිය අමතයි

ලංකාවේ 25 වන අගමැතිවරයා ලෙස ලොව 5 වතාවක් එම දුරය දැරූ එකම පුද්ගලයා ලෙස ලෝක වාර්තාවක් තැබූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක කළා.

එහිදී ඔහු මුලින්ම පැවසුවේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් ඔබ ඇමතීමට ලැබීම සතුටක් බවයි. ඒ අගමැති ලෙස දින 50 ඔහු දුරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි.

සර්ව ජන ඡන්ද අයිතිය අපට ලැබි දැන් අවුරුදු 87 ක් බවත් රටේ ජනතාව ව්‍යවස්ථාව ආරක්‍ෂා කර මූලික අයිතීන් ආරක්‍ෂා කර ඒවාට තර්ජනයක් වූ හැම අවස්ථාවේම ව්‍යවස්ථාවත්, තමන්ගේ අයිතීනුත් ආරක්‍ෂා කරන්න ජනය පෙරට ආ බව ඔහු පවසනවා.

2015 ජනාධිපතිවරණයේදී වුයේ එය බවත් ව්‍යවස්ථාව සහ ජනතාවගේ අයිතීන් පාගා දමමින් තිබුණු යුගයක් අවසන් කරන්න සියළු දෙනා අත්වැල් බැඳ ගත් බව සිහිපත් කරන්වා.

රටේ අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබිය යුතුයි. බහුතර සහයෝගයක් නැතිව අගමැතිවරයෙකුට රටක් ඉදිරියට ගෙන යන්නට බැහැ. ඒ වගේම අගමැතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු අගමැති සහ ඇමතිවරු තනතුරු වලින් ඉවත් විය යුතුයි. යනුවෙන් වර්තමාන අගමැතිවරයා පවසනවා.

තවදුරටත් ඔහු පවසන්නේ මේ ව්‍යවස්ථා ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමේ වරද මැතිවරණයකට මුවාවී නිවැරදි කරගන්න බෑ. එවැනි නීති විරෝධී මැතිවරණයකට ඉඩ නොදිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේද සඳහන් වෙනවා.

නඩු තීන්දුවේ 85 වෙනි පිටුවේ ඇති ෙඡ්දයක් මම සිංහලට පරිවර්තනය කර අගමැතිවරයා මෙසේ පවසනවා.
සමහර වගඋත්තරකාර පාර්ශවයන් පෙන්වා දුන්නේ පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතිෙක්‍ෂ්ප කිරීමෙන් මහ මැතිවරණයක් පැවැත්වීමේ අවකාශය උදාවෙන බැවින් ජනතාවගේ සර්වජන අයිතිය ආරක්‍ෂා වන බවය.

නමුත් ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනිව මැතිවරණයක් පැවැත්වීමට අවකාශ ලබාදීමෙන් සර්වජන ඡන්ද අයිතිය ආරක්‍ෂා නොවේ. එවැනි මහ මැතිවරණයක් නීතිවිරෝධි වන අතර එහි ප්‍රතිපලයද ප්‍රශ්න කිරීම්වලට ලක්විය හැකිය.

මහමැතිවරණයක් වලංගු වන්නේ එය නීත්‍යානුකඣලව පැවැත්වුවහොත් පමණි. එබැවින් ව්‍යවස්ථාවට පටහැනි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම ජනතාවගේ සර්වජන ඡන්ද බලය රැකදෙන ක්‍රියාවලියක් නොවේ.”

අවසාන වශයේ අගමැතිවරයා අධිකරණයට හා සියලුම පාර්ශව හා ජනතාවට ස්තුති කරන අතර විශේෂයෙන් දින 50 දී මාධ්‍ය ක්‍රියා කල ආකාරය ගැන විශේෂ සදහනක් කල අතර සමාජ මාධ්‍ය කල කාරය පිළිබද ඔහු කිහිපවරක්ම ස්තුතිවන්ත වුයේ පුද්ගලික හා රාජ්‍ය මාධ්‍ය එක කල්ලියක මෙන් වැඩ කල නිසාවෙන්.

එයින් වර්තමාන විද්‍යුත් මාධ්‍යට තවත් වසර 10 කින් ඔවුන්ගේ වෘතියට සිදුවීමට යන අවධානම් සහගත ස්භාවය මේ දින 50 ඇතුලත නැවත ප්‍රයෝගිකව ඔප්පු වී තිබෙන්නේ විද්‍යත් මාධ්‍ය සියල්ලේ බලය තිබු පාර්ශවය පරාජයට පත්වීම මතයි.

අගමැතිවරයා ඒ පිළිබද මෙසේ පවසනවා ‘කළු මාධ්‍යකරුවන්ගේ බලපෑම් මධ්‍යයේ සත්‍යය වෙනුවෙන් සටන් කළ ජනමාධ්‍යවේදීටත්, සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුළු ලෝකයටම ඇත්ත ප්‍රකාශ කරන්නට ස්වේච්ඡාවෙන් දිවා රෑ වෙහෙසුණු සියළු දෙනාටත් මම මගේ ප්‍රණාමය පළ කරනවා.’

About article14

Check Also

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න එපා සුමතිපාලගේ ගෝලයෝ සහ හරින් ගැටුමක්

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!