Breaking News
Home / දේශීය පුවත් / වසර 72 ක අලියටත් සජිත් කෙළියි. නැවත එජාපයටම අලියා ලැබේදැයි සහතික කල නොහැකි බව කොමිසම කියයි

වසර 72 ක අලියටත් සජිත් කෙළියි. නැවත එජාපයටම අලියා ලැබේදැයි සහතික කල නොහැකි බව කොමිසම කියයි

සජිත් ප්‍රේමදාස හා ඔහු වටා සිටින ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරුවන්ගේ අවසන් නොව රණ්ඩුව මේ වන විට නැවතී ඇත්තේ පක්ෂ ලකුණ හමුවෙයි. ඒ අනුව ලංකාවේ පැරණිතම පක්ෂය හා ලකුණ වන අලියා ලකුණ අත හැරිය හොත් යළිත් එක්සත් ජාතික පක්ෂයට ඒ ලකුණ ලැබීම සම්බන්ධයෙන් කිසිදු සහතිකයක් දිය නොහැකි බව ජාතික මැතිවරණ කොමිසම එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨයන් ට දැනුම් දී තිබේ .

අලියා ලකුණ පමණක් නොව හංසයා ලකුණ ද අත් හැරිය හොත් එම ලකුණු මැතිවරණ කොමිසමේ පක්ෂ ලකුණු ලේඛනයට ඇතුළත් වන බැවිනි යළිත් එම පක්ෂවලට පැරණි ලකුණු දීම පිළිබඳව කිසිදු සහතිකයක් දිය නොහැකි යැයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජාතික මැතිවරණ කොමිසම මෙම දැනුම්දීම කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨයන් පිරිසක් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමු වූ හමු වූ අවස්ථාවේදීය.

කිසියම් නීත්‍යානුකූල පක්ෂයක් සිය ලකුණ අත්හැරිය විට එය මැතිවරණ කොමිසමේ ලකුණු ලැයිස්තුවට ඇතුළත් වන බවත් ලැයිස්තු මේ ලකුණු පක්ෂවලට නිකුත් කිරීම කුසපත් ඇදීමෙන් සිදුවන බවත් මැතිවරණ කොමිසම එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨයින් හමුවේ පැහැදිලි කර තිබේ.

මේ තත්ත්වය යටතේ අලියා ලකුණ මෙන්ම හංසයා ලකුණ පක්ෂයට මාරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

About article14

Check Also

මැතිවරණය කල් දමයි මැකෝට යකා නගියි දිනය තීරණය කරන්නේ කොරෝනා බව කියයි

අප්‍රේල් 25 පැවැත්වීමට නියමිතව තිබු මැතිවරණය කල් දමා තිබෙනවා. දින 14 ඇතුලත එය කිසිසේත්ම පවත්වන්නේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!