Breaking News
Home / ක්‍රිඩා / වසර 35 කට පසු සිම්බාබ්වේ කණ්ඩායමක් ලෝක කුසලානෙන් හැලෙයි ක්‍රිකට් ලොව පෙරලිකරුවන් වන ඇෆ්ගනියන් නොසිතු ලෙස 2019 කුසලානයට

වසර 35 කට පසු සිම්බාබ්වේ කණ්ඩායමක් ලෝක කුසලානෙන් හැලෙයි ක්‍රිකට් ලොව පෙරලිකරුවන් වන ඇෆ්ගනියන් නොසිතු ලෙස 2019 කුසලානයට

සිම්බාබ්වේ කණ්ඩායම පසුගිය කාලයේ පෙන්වූ තරඟරටාව අනුව ඔවුන් එක්දින තරඟවල ඉතා හොඳ ඉදිරියක් දක්නට ලැබුන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී පරාජය කරමින් ශ්‍රී ලංකාවේ පැවති එක්දින තරඟාවලිය ජයගන්නට සමත් වීම සහ බංගලාදේශයේ පැවති තුන්කොන් තරඟාවලියේදී පළමු වතාවට ශ්‍රී ලංකාව මුණගැසුන අවස්ථාවේ පැවතී තරඟය ජය ගැනීම ආදී කතා බහට ලක්වන අකාරයේ ජයග්‍රහණ රැසක් අපට සිම්බාබ්වේ කණ්ඩායම වෙතින් පසු ගිය කාලයේදී දකින්නට හැකි විනි.

ඉන් පසුව ඇෆ්ගනිස්ථානය සමඟ සාජා ක්‍රීඩාංගනයේ පැවති තරඟාවලියේ යම් පසු බෑමක් පෙන්නුම් කලද ලෝක කුසලාන සුදුස්සන් තේරීම සඳහා පැවැත්වෙන තරඟාවලියේ ආරම්භයේ සිට අනෙකුත් කණ්ඩායම් වලට දැඩි තර්ජනයක් වෙමින් ඉහලින්ම සිටි කණ්ඩායමක් වූ සිම්බාබ්වේ කණ්ඩායම සිම්බාබ්වේ ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ තම ලෝක කුසලාන බලාපොරොත්තු බොඳ කර ගෙන ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ පැවති තරඟය පරාජයට පත්වීම නිසාය.

සිම්බාබ්වේහිදී පැවත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟමාලාවේ මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2019 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන අතර අනෙක් කණ්ඩායම ලෙස ලෝක කුසලානයට යන කණ්ඩායම අද පැවැත්වෙන අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟයේ ප්‍රතිපලය අනුව තීරණය වීමට තිබිණි.

Image may contain: one or more people, people standing and outdoor

ඒ අනුව කවුරුත් නොසිතු සිදුවීමක් සිදුවූ අතර බොහෝ දෙනා මත පල කලේ අයර්ලන්තය හෝ සිමබාබ්වය ලෝක කුසලානයට යන බවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතතාව නැවත පෙන්වමින් අයර්ලන්තය පන්දුවාර 50 ට ලබා ගත් 209/7 ට පිළිතුරු ලෙස ඇෆ්ගනියන් පන්දුවාර 49.1 දී 2013/5 ලබා තම පළමු ලෝක කුසලාන තරගාවලියට ඇතුලත්විය.

අද තරගයට පැමිණෙන විට සිම්බාබ්වේට අයර්ලන්තයට ඇෆ්ගනියන්ට යන කණ්ඩායම් සියල්ලටම ලෝක කුසලාන දොර විවෘතව තිබු අතර එය ජයගත්තේ කවුරුත් නොසිතු මෑත කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණ ටෙස්ට් වරම් ලබා ගත 12 වන රට වන සහ ක්‍රීඩකයන් කිහිපයන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිටින ඇෆ්ගනියන්වේ.

මේ සිදුවීම් මත 2019 ලෝක කුසලානයේ අනිවාරයෙන් මොවුන් පෙරළිකාර කණ්ඩායම වනු නිසැකයි.

Image result for zimbabwe cricket team world cup qualifier

මේ තත්වය මත සිම්බාබ්වේ කණ්ඩායම 2019 ලෝක කුසලානයේදී අපට දක්නට නොලැබෙනු ඇති අතර 1983 ලෝක කුසලානයේ සිට අඛණ්ඩව ලෝක කුසලානය නියෝජනය කල සිම්බාබ්වේ කණ්ඩායමට මේ අනුව වසර 35ක සුන්දර ලෝක කුසලාන අතීතයට මද විරාමයක් තබන්නට සිදුවිය හැකි අතර මේ සම්භන්දයෙන් සිම්බාබ්වේ නායකයා වන ග්‍රැහැම් ක්‍රීමර් පවසා තිබුනේ ආරම්භයේ සිට අවසානය දක්වා ගෙන ආ යෂ්ටිය අවසාන මොහොතේ තම කණ්ඩායම අතින් බිම වැටුන බවය.

About article14

Check Also

ජනවාරි ඉදන් පඩි නැ බේත් නැ සමෘධි නැ ඒක දැනගෙනත් ඇයි මහින්ද පැරදී පැරදී දැන දැන බලෙන් මේක අල්ලන් ඉන්නේ – අනුරගේ හෙලිකිරීම

ඇයි මහින්ද පැරදී පැරදී දැන දැන බලෙන්මේ ක අල්ලන් ඉන්නේ – අනුරගේ හෙලිකිරීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!