Breaking News
Home / දේශීය පුවත් / වසර 20 කට කලින් සාක්කුවේ දාගෙන යන දුරකතනයක් තිබේ යයි සිතුවාද? නව සමාජයේ හොද නරක දෙකම තියනවා ඒවා විසදිය යුතුයි – රනිල්

වසර 20 කට කලින් සාක්කුවේ දාගෙන යන දුරකතනයක් තිබේ යයි සිතුවාද? නව සමාජයේ හොද නරක දෙකම තියනවා ඒවා විසදිය යුතුයි – රනිල්

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලංකාවේ සංස්කෘතිය හා ජිවන රටාව අතීතයට වඩා සීග්‍රයෙන් වර්තමානයේ වෙනස් වී ඇති ආකාරය පිළිබද අද (22) පැවති දේශනයකදී පැහැදිලි කර තිබෙනවා. එම අදහස් මෙසේයි.

උපුටා ගැනීම අපේ සමාජය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. මීට වසර 20 කට පෙර සාක්කුවේ දමා ගෙන යා හැකි ජංගම දුරකථන නිපදවිය හැකි යැයි කවුරුවත් සිතුවේ නැහැ. මෙසේ සමාජය වෙනස් වීම තුළ හොඳ සහ නරක දෙකම තිබෙනවා. සමහර අවස්ථාවලදී කිසියම් කෙනෙක් දොස් පැවරූ විට ක්ෂණිකව දිවි නසා ගන්නා තත්ත්වයට සමාජය පත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සහ අනෙකුත් ආයතන කටයුතු කරන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුයි. ඒ අනුව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ තරුණ තරුණියන් සඳහා උපදේශන සේවා පවත්වන ආකාරය පිළිබද අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා ජාතික වැඩසටහනක් ඇති කිරීමට කමිටුවක් පත් කර ඒ වැඩකටයුතු අප මේ වන විට කරගෙන යන බව කිව යුතුයි.

වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සමඟ රට තුළ විවිධ සමාජ ප්‍රශ්න මතුවෙනවා.ඒ වගේම තවත් උදාහරණයක් ලෙස විභාග අසමත් වීම වැනි ගැටලූ හේතුවෙන් පුද්ගලයින් තුළ ඇති වන මානසික ගැටළු ද වර්ධනය වී තිබෙනවා. එම නිසා මෙවැනි සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙමින් ඒවා කළමනාකරණය කිරීම සඳහා දැනුම සහිත පුද්ගලයන් අවශ්‍යයි.

ඉදිරි වසර කිහිපය තුළ දී මෙම අංශ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා.අද පවුල් සංස්ථාව ඉතා සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබෙනවා. වර්තමානයේ පවතින නව තත්ත්වයත් සමග මේ වන විට ඇතැම් නිවෙස්වල දිවා සහ රාත්‍රි ආහාර වේල් දෙකම ආපනශාලාවලින් ලබා ගන්නා තත්වයක් ඇති වී තිබෙනවා.

මීට පෙර ඉහල පාන්තිකයන් අතර පමණක් පැවති මේ තත්වය අද වන විට සෑම දෙනා අතරම ව්‍යාප්ත වී තිබෙනවා. මෙය නව ආර්ථික තත්වයක්. මෙම සමාජ කණ්ඩායම් පිළිබඳ අපේ අවධානය වැඩි වන විට ඒ සඳහා විශේෂඥ දැනුම් අවශ්‍ය වනවා.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!