Breaking News
Home / ක්‍රිඩා / වසර ගණනාවක් දේශපාලන සූදු මුදල් දුෂණ මත පන අදිමින් සිටි ක්‍රිකට් ඩුබායිහිදී මිය යයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පියාගේ අනාවැකිය සනාත කරමින් ඇෆ්ගනියන්ගෙන් පරාජය වෙයි

වසර ගණනාවක් දේශපාලන සූදු මුදල් දුෂණ මත පන අදිමින් සිටි ක්‍රිකට් ඩුබායිහිදී මිය යයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පියාගේ අනාවැකිය සනාත කරමින් ඇෆ්ගනියන්ගෙන් පරාජය වෙයි

ශ්‍රී ලංකාව හා ඇෆ්ගන් තරගයේ ඊයේ (17) ලංකාව ලැබූ අන්ත පරාජයත් සමග ලංකාවට ආපසු පැමිණීමට සිදුවනවා. ඒ දුර්වල නායකත්වය, පන්දු රැකීම පන්දුවට පහරදීම නිසයි.

Image result for sri lanka vs afghanistan asia cup 2018

මේ තත්වය මත 2019 ලෝක කුසලානය පිළිබද ක්‍රීඩා ලෝලීන් හින මවනවානම් එය ඔබගේ සෞකයට අහිතකරයි. අහිංසක ක්‍රීඩා ලෝලීන් කොතරම් පැරදුනත් ඊලග එක දිනයි යන අදහසින් හැමදා තරග නරබයි. ඒ අතීත ක්‍රිකට් ක්‍රීඩාවට දක්වපු ආදරය තවමත් හිතේහැංගි තිබෙන නිසා මිස මෝඩ කමකට නොවේ. අද මේ ක්‍රීඩාව උඩුයටිකුරු කර තීරණයක් ගතහොත් 2024 දී වත් ලෝක කුසලාන අවසන් තරගයකට පැමිණීමට හැකිවනු ඇති.

විශේෂයෙන් පන්දු රැකීමේ දුර්වලකම් නිසා මේ තරගාවලිය අහිමිවුවා කීවානම් ඉතා නිවැරදි. අපි මදක් පසුපසට හැරී බලමු.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වසන්තය උදාවන්නේ 1996 ලෝක කුසලාන ජයත් සමගයි. කණ්ඩායම එවකට නායක අර්ජුන රණතුංග ගෙදර නවතාගෙන කෑමබීම දී නඩත්තු කරමින් කොලබින් පිට සිටි සනත් ප්‍රමොදේ වැනි ක්‍රීඩකයින්ට සිටිය යුතු විදිය කියා දෙමින් රටකට කල අමිල සේවය නිසාවෙන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස හැදින්වීමට කිසිවකු ලෝබ විය යුතු නැ.

Image result for arjuna ranatunga

ඔහු දිගින් දිගටම පැවසුවේ පරිපාලනයේ සිටින උන් සහ දේශපාලකයින් මේ ක්‍රීඩාව විනාශ කරන අතර ඇෆ්ගනියන්ගේනුත් පරදින කාලය අත ලග බවයි. ක්‍රිකට් හැදු පියාගේ දැක්ම අනාවැකිය මේ වන විට සනාත වී අවසන්. ඔහු පැවසුවේ දැනුත් මෙය හදන්න පුළුවන් හරි අයට දෙනවානම් කියමින්.

Image result for thilanga and dayasiri

එහෙත් එවකට සිටි දයසිරිනම් වූ පුද්ගලයා සමග වාද කල විට රටේ නායකයා යන පුද්ගලයා අර්ජුනට ඔහුගේ වැඩ බලාගන්න ලෙස පැවසුබව මාධ්‍ය වාර්තා කර තිබුනා. අර්ජුන රටේ නායක දෙපලට පුද්ගලික ලිපියක් බාර දුන්නා. ඔට්ටු වලට සම්බන්ධ අය මින් ඉවත් කරන ලෙස නිතරම කියුවත් රටේ නායකයා යන පුද්ගලයාගේ සමීපතමයෙක් වන නිසා ඔවුන්ට හොඳ ආරක්ෂාවක් ලැබුනා.

පසුව ක්‍රීඩා ඇමතිකම වෙනස් වූ විගස එය දැන් දරන පුද්ගලයා පවසා සිටියේ තම පක්ෂයේ නායකයා කියන දෙයක් කරන බවයි. පසුව ඔහු මෙලෝ ආත්මෙකට අදාලම නැති බලධාරියෙක් පත් කර නැවත ඔවුන්ගේ පුද්ගලයාට බලය ලබා දීමේ යටිකුට්ටු සැලැස්මේ නියැලී සිටි. රටේ මිනිසුන්ට අයිති ක්‍රීඩාව දේශපාලන අදබාලයන්ගේ ග්‍රහණයට හසුවී විනාශ වුයේ එසේයි.

Image result for faizer musthafa and sri lanka cricket official officer

එහි තවත් පැත්තක් ඇත. ඒ අර්ජුන ඇරභූ ක්‍රිකට් ගැම්ම මහේල සංගා පරම්පරාව තෙක් වසර 20 ක කාලයක් පරිපාලන දේශපාලන කුමන ප්‍රශ්න තිබුනත් ඔවුන්ගේ ගෙවීම් නිසි ලෙස කරන නිසාවෙන් ඔවුන්ගේ සේවය ඔවුන් මැනවින් ඉටු කළා. එහෙත් අද වන විට කණ්ඩායමට එන කිසිදු අයෙක් වගකීමකින් ආත්ම ශක්තියකින් ක්‍රීඩා කරන වගක් පෙනී යන්නේ නැ.

කුඩා කාලයේ අම්මා තාත්තා ක්‍රිකට් බැගය ඔසවාගෙන ගෙනත් දී නැවත ගෙදරට ඒ බර දෙමව්පියන්ම ඔසවාගෙන යන බබාලාගේ යුගයේ පිරිස් කණ්ඩායමට ඇතුල් වී කෝටි ගණන් දිනුවත් පැරදුනත් ලැබෙන නිසා ඔවුන් පරාජයන් අමතක කර සතුටින් කාලය ගත කරයි.

ක්‍රීඩා ලෝලීන් ඉතා සංවේගයට හා ඉච්චාබන්ගත්වයට පත්ව තිබෙන්නේ මොවුන්ගේ ධෛර්ය කොහෙද යන ප්‍රශ්නය මතයි. මොවුන් කාන්තා කණ්ඩායමක් මෙන් දුබලයන් සේ මානසිකව කඩා වැටෙන ආකාරය නරබන අපට රූපවාහිනියෙන් සැමවිටම පෙනේ.

ඉන්දීය සමාජ මාධ්‍ය වල පවා ලංකාව පිළිබද අනුකම්පාවෙන් කතා කරන්නට පටන්ගෙන ඇත. ඔවුන් විවේචනය කරන්නේ කණ්ඩායමේ නායකත්වය හා පන්දු රැකිම පිලිබදවයි. අපේ රටේ බොහෝ ප්‍රවිනයන්ද පවසන්නේ අද ක්‍රිකට් වැටි තිබෙන තත්වය පුදුම සහගත කරුණක් බවයි.

කමල් දේශප්‍රිය පවසන්නේ ලෝකයේ සිටින හොඳම පුහුණුකරු ගෙනාවත් මේ කණ්ඩායම නැවත ගොඩගත හැකිදැයි අප සියල්ලටම ප්‍රශ්නයක් බවයි.

Image result for sri lanka vs afghanistan asia cup 2018

ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භක පිතිකරු ලෙස ඉණිම කුසල් මෙන්ඩිස් යෙදෙවිම සම්බන්ධයෙන් හිටපු නායක කුමාර් සංගක්කාර සිය නොසතුට පළකර සිටිනවා.

කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ අංක 4 ස්ථානය කුසල් මෙන්ඩිස් හට සුදුසුම ස්ථානය බවයි කුමාර් සංගක්කාර සදහන් කර සිටින්නේ.

මෙවර තරගාවලියේදි කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරු ලෙස උපුල් තරංග සමග පිටියට පිවිසියත් තරග දෙකේදිම ලකුණු ලබා ගැනිමට පෙර කුසල් මෙන්ඩිස් දැවි ගියා.

ශ්‍රි ලංකා පිලේ පිතිකරණ අංශයේ සිදුවන නිරන්තර වෙනස්කම් සම්බන්ධයෙන් හිටපු නායක කුමාර් සංගක්කාර වැඩිදුරටත් සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රි ලංකා කණ්ඩායමේ අංක 6 ස්ථානයේ පිතිකරණයේ යෙදිම් සදහා සුදුසු පිතිකරුවෙක් යෙදවිය යුතු බවයි සංගක්කාර සදහන් කර සිටියේ.

අංක 6 සහ 7 ස්ථානයන් සදහා ක්‍රිඩා කරනු ලබන තුන් ඉරියවු ක්‍රිඩකයින් වන දසුන් ශානක සහ තිසර පෙරේරා හට අංක 7 සහ 8 ස්ථානයන්හි පිතිකරණයේ යෙදිම සුදුසු බව කුමාර් සංගක්කාර සදහන් කර සිටියා.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ විස්තර විචාරකවරයෙක් වශයෙන් එක්වෙමින් කුමාර් සංගක්කාර මේ බව ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම නායක ඇන්ජෙලෝ මැතිව්ස් පිතිකරණයේ යෙදිමේදි කඩුලු අතර දිවයන ආකාරය පිළිබදව ශ්‍රි ලංකා පිලේ හිටපු නායකයා සිය කනස්සල්ල පළකර සිටියා.

අප එකක් තේරුම් ගත යුතුයි. මේ පුපුරා ගියේ අද ඊයේ ප්‍රශ්නයක් නොවේ. දැනට වසර 4 ක 5 ක සිට සැලසුම් තීරණ නොගැනීමේ ප්‍රතිපලයි. ලෝකයේ ක්‍රිකට් වෙනස් වන විට ලංකාව කිසිදු වෙනස්කමක් නොකර හොරකම පමණක් කල නිසා මේ අහේනිය වූ බව අවධාරණය කල යුතුයි.

මහේල වසර ගණනාවක් මහන්සිවී නිර්මාණය කල සැලැස්ම හැමදාම කුනුකුඩේට වැටීම බලය ලබා ගැනීමට දගලන පුද්ගලයින්, ක්‍රීඩා සමාජ යටිකුට්ටුවක් බව අප කවුරුත් දන්නා කරුණක්

අර්ජුන මහේල සංගා අරවින්ද රොෂාන් මුරලි සිදත් වැනි හිටපු නායකයින් ක්‍රීඩකයින් මුල සිටම මේ පිළිබද අවධාරණය කලත් දැනට සිටින දේශපාලන හා බලධාරීන් ඒ කිසිවක් කනකට නොගත් නිසාවෙන් ශ්‍රී ලංකාවේ නම ලෝකයට ගෙනියපු ක්‍රිකට් මාතාවට මේ අවමානය විනාශය සිදුවුනි. එයට හවුල් වූ සියල්ලට මිලියන 21 ක් වූ ජනතාවගේ ඉහිල්ලිමට ජාති ජාතිත් පවුල් පිටින් ශාපයට ලක්වීම වැළක්විය නොහැකි යන්න කණගාටුවෙන් සටහන් කර තබමි.

Article14.news Editor

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!