Breaking News
Home / ක්‍රිඩා / වර්තමාන ලෝක ශුර ඕස්ට්‍ර්ලියාවේ 2019 ලෝක කුසලාන සංචිතය නම් කරයි

වර්තමාන ලෝක ශුර ඕස්ට්‍ර්ලියාවේ 2019 ලෝක කුසලාන සංචිතය නම් කරයි

අප්‍රේල් 23 ට පෙර ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් තම සංචිත නම් කල යුතු අතර නවසිලන්ත කණ්ඩායම පළමුවෙන්ම තම කණ්ඩායම නම් කළා. ඒ අනුව අද වන විට ලොව ප්‍රභලම කණ්ඩායමක් වන හා වර්තමාන ලෝක ශුරයන් වන ඔස්ට්‍ර්ලියානු කණ්ඩායමේ සංචිතය නම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මේවා නායකයා වීමට සිටි ස්මිත් හා උපනායක වූ වෝනර් දෙදෙනා පන්දුව පලුදු කිරීමේ වරදට හසුවීම නිසා ඕස්ට්‍ර්ලියාව විසින් ඔවුන් වසරක් ක්‍රිකට් පිටියෙන් ඉවත් කිරීමට ගත් තීරණයත් සමග එම අවස්තාව ඔහුට අහිමිවුවා. අයිසිසිය ඉතා සුළු දඩුවමක් දුන්නත් තම කණ්ඩායමේ විනය හා රටේ ගෞරවය වෙනුවෙන් ඕස්ට්‍ර්ලියා බලධාරීන් විසින් ආදර්ශයක් ලැබෙන පරිදි දැඩි දඩුවමක් ලබා දීම ලංකාව වැනි වර්තමානයේ විනය පිරිහී ඇති කණ්ඩායමකට හා බලධාරීන්ට හොද කනේ පහරක්.

කෙසේ වෙතත් ලෝක කුසලාන නායකත්වය ලැබී තිබෙන්නේ ප්‍රවේගකාරී පිතිකරු අරෝන්ච් ෆින්ච් වෙත. වසරක් ක්‍රිකට් තහනම් වූ ස්මිත් හා වෝනර් දෙදෙනාද ලෝක කුසලානයට නම් කර තිබීම විශේෂත්වයක්. එසේම ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස සිට ඉන්දියානු එක්දින තරගාවලියට කැදවා ශතක 2 හා අර්ධ ශතකයක් ලබා තරගයේ වීරයා වූ උස්මාන් කවාජාද කණ්ඩායමට නම් කර තිබෙනවා.

ජයග්‍රහාහි පකිතාන් තරගාවලියේත් අර්ධ ශතක 3 ලබා ගැනීමට ඔහු සමත් වූ අතර ආරම්භක පිතිකරුවන ලකුණු ලබා ගන්නා විට තරග ජයගන්නා උදාහරණය අවසන් ඉන්දීය හා පකිස්තාන් තරගාවලි ජයෙන් ලංකාව වැනි රටවලට හොද පාඩමක්ද කියා දෙනවා. එංගලන්තයේ සාර්ථකත්වයටත් ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ හොදම කාලය වීමත් හේතුවක්.

ලෝක කුසලානයට නම් කල ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම මෙසේයි. ආරොන් ෆින්ච් නායක වෝනර්, ස්ටීවන් ස්මිත්, උස්මාන් කවාජා, මැක්ස්වෙල්, ස්ටෝයින්ස්, ෂෝන් මාෂ්, කඩුලු රකින්නා ඇලෙක්ස් කැරේ, ෆැට් කමින්ස්, මිචෙල් ස්ටක්, කල්ටර් නෙල්, රිචර්ඩ්සන්, බැන්ඩ්‍රෝෆ්, ඇඩම් සම්පා, නේතන් ලයන්.

මෙයින් පසුගිය ඉන්දීය තරගාවලියේ ශතකයක් පවා ලබාගෙන තරගයක් ජයගන්නට ක්‍රීඩා කල පීටර් හැන්ස්කොබ්ට ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් අහිමිවී තිබෙනවා. එසේම ඔහු අවසන් ජයග්‍රාහි පකිස්තාන සංචරයටද ක්‍රීඩා කළා. එසේම හැසල්වුඩ් හා ටියුනර් දෙදෙනාත් ලෝක කුසාලන සංචිතයට එකතුවේවි යයි මත පළවූ ක්‍රීඩකයන් වුවත් ඔවුන් දෙදෙනාටද සංචිතයේ ඉඩක් ලැබී නැ. ශ්‍රී ලංකා සංචිතය මේ සතියේ නම් කිරීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.

About article14

Check Also

එස් බි සහ මහින්ද හොර චන්ද දාපු විදිය එස්බීගේ කටින් ප්‍රසිද්දියේ කියපු විදිය

ප්‍රේමදාසගේ කාලයේ එස් බි මහින්ද ද එකතුව එවකට දේශපාලකයන් සමග හොර චන්ද පොදිට දාපු විදිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!