Breaking News
Home / ක්‍රිඩා / වයස 19 සුපිරි කොලු ගැටයෙක් හොයාගත් මහේල අන්තිම අඩියට වැටුන මුම්බායි කණ්ඩායම අංක 4 ට උස්සයි.

වයස 19 සුපිරි කොලු ගැටයෙක් හොයාගත් මහේල අන්තිම අඩියට වැටුන මුම්බායි කණ්ඩායම අංක 4 ට උස්සයි.

IPL තරඟාවලියේ ලොවම බලා සිටි තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුනේ මුම්බායි කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම අතරයි.

එම තරඟයේ කොල්කටා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 102 ක සුපිරි ජයග්‍රහණයක් ලබාගැනීමට මුම්බායි කණ්ඩායම සමත්වූවා.

තරඟාවලියේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 210 ක්.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ Ishan Kishan පන්දු 21 කදී ලකුණු 62 ක් රැස්කරගත්තේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමඟින්.

ඔහුගේ ඉනිමේ එල්ලවූ ඇතැම් පහර හේතුවෙන් ඇතැම් අවස්ථාවල විචාරකයන් ඔහුව හැඳින්වූයේ වමත් දෝණි නමින්.

මේ අතර එක් අවස්ථාවක ඔහුගේ පිත්තෙන් එල්ලවූ දැවැන්ත හයේ පහරක් ක්‍රීඩා පිටිය ආකර්ෂණය කිරීමට සමත් වූවා.

එම අවස්ථාව පහතින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් පන්දුවාර 18 යි පන්දු 1 ක් අවසානයේ කණ්ඩායම ලකුණු 108ක් ලබා සිටියදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට මුම්බායි පන්දුයවන්නන් සමත්වුනා.

කෙසේ වෙතත් මුම්බායි කණ්ඩායමේ නියමුවා වූ අවසන් බලාපොරොත්තුව දිනේෂ් කාර්තික්ගේ දැවී යාම බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට ලක්වුණා.

ලකුණු 5 ක් රැස්කර සිටි ඔහුගේ දැවී යාම අනපේක්ෂිත ලෙස සිදුවූ අතර එහි භාරදූර වගකීම පැවරුණේ ඊයේ තරඟයේ තෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ ධර්මසේන වෙතයි.

එහිදී නැවත පරීක්ෂා කිරීම් වලදී තහවුරු වූයේ කාර්තික් දැවී ගිය බවයි.

එම අවස්ථාව පහතින්.

ඉශාන් කිශාන් යනු වයස 19 ක ක්‍රිඩකයෙක් වෙන අතර මහේල විසින් බාවිතා කල වෙනස්ම තුරුම්පුවකි. ඔහු ක්‍රිඩාංගනයට යාමට පෙර මහේල ඔහුට උපදෙසක් දුන් සිද්දියක් කථා බහට ලක්වී තිබුනා.

කෙසේ හෝ අන්තිම අඩියට වැටී තිබු මොම්බායි කණ්ඩායම අවසන් තරග තුනම ජයගෙන හතරවන ස්ථානය දක්වා පැනීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් තව තරග 3 ක් මූලික වටයේ ඉතිරි අතර ඒවා අනිවාර්යෙන් ජයගත යුතුවන්නේ අනෙක් කණ්ඩායම්ද කරට කර සිටින නිසායි. කෙසේ හෝ තරගාවලිය දැඩි උනුසුම් ස්වභාවයක් මේ වන විට ගන්නවා.

About lanka_2

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!