Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / වයස අවුරුදු 4 න් රිදී තිරයට ආපු 90 දශකයේ අතිශය ජනප්‍රිය නාගිනා ශ්‍රිදේවි හදිසියේ මෙලොවින් සමුගනී

වයස අවුරුදු 4 න් රිදී තිරයට ආපු 90 දශකයේ අතිශය ජනප්‍රිය නාගිනා ශ්‍රිදේවි හදිසියේ මෙලොවින් සමුගනී

1963 වර්ශයේ තමිල්නාඩුවේ උපත ලැබූ අතිශය ජනප්‍රිය ශ්‍රිදේවි කපූර් හදිසියේ ඩුබායිහිදී මිය ගොස් තිබෙනාවා. ඒ තම සැමියා වන බොනි කපූර් සහා දියනිය සමග ඩුබායි විවාහ උත්සවයකට සහබාගි වෙමින් සිටියදි හදිසියේ ඇතිවූ හෘදයාබදයකින්.

2013 වසරේ ඉන්දියාවේ සිවිල් පුද්ගලයකු ලබන ඉහලම සම්මානය පද්ම ශ්‍රී විබුශන සම්මානයෙන් පිදුම් ලැබුවා. එසේම ලංකාවේ ශ්‍රී දෙවි අතිශය ජනප්‍රිය අදටත් කතා බහ වෙන නාගිනා චරිතයෙනි

මෙම පුවත ඇසූ බොලිවුඩ් හා දකුණු ඉන්දිය නළු නිලියන් කම්පනයට පත්වී තිබෙනවා. ශ්‍රී දේවි වයස අවුරුදු 4 දි ළමා නිලියක් ලෙස රිදී තිරයට පැමින මිය යන විට චිත්‍රපට 150 කට වඩා රගපා තිබෙනවා.

අවසාන වශයෙන් ඇය රගපා ඇත්තේ මේ වසරේ පැමිනිමට නියමිත ඉන්දිය සුපිරි තරුව ශාරුක් කාන්ගේ සීරෝ චිත්‍රපටයේ. ඊට පෙර ඇය රගපානු ලැබුවේ සම්මාන ලැබු ඉන්ග්ලිශ් වින්ග්ලිශ් නම් වූ චිත්‍රපටයේයි. එහි මවකගේ චරිතයක් රගපාන අතර කැනඩාවට ගොස් ඉංග්‍රීසි නොදැන එහි ඉංග්‍රීසි ඉගනගන්නා අතර වන හැල හැප්පීම් ගැන එහි කථා කරනවා.

තවද ශ්‍රී දේවි අතිශය ජනප්‍රිය හා සම්මාන ලැබු චිත්‍රපටය වන්නේ 1987 දි මිස්ටර් ඉන්දියායි. එහි අනිල් කපූර් සමග රංගනයේ යෙදෙන අතර මෙහි නිශ්පාදක වන්නේ 1996 දී විවාහ වන බොනි කපූර්. මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා හා සම්මාන ගනනාවක් ලබා ගන්නවා. මෙහි ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 17 ක්.

මේ සුපිරි තාරකාව දෙමළ සිනමාවෙන් රංගනය පැමින හින්දි තෙලුගු උර්දු වැනි චිත්‍රපට 150 කට වඩා රගපා තිබෙනවා. දකුණු ඉන්දිය සුපිරි නළු රජිනි කාන් සමග ජනප්‍රිය යුවලක් ලෙස චිත්‍රපට ගනනාවක් රගපා තිබෙනවා.

කෙසේ ජනප්‍රිය හා සුරුපිව සිටියත් හිටි හැටියේ අඩු වයසින් ලෝකය හැර යාමට සිදුවීම හැම දෙනාටම කම්පනයට හේතුවී ඇති කරුනක් වගේම අපට මෙයින් නැවතත් තේරුම් ගත හැක්කේ කොතරම් දේ පසු පස දිව ගියත් අවසානයේ අපට කියා දෙයක් ඉතිරි නොවන බවයි.

About article14

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!