Breaking News
Home / දේශීය පුවත් / වයඹ හා මිනුවන්ගොඩ ප්‍රහාර කර ඇත්තේ වෙසක් උත්සවය කඩාකප්පල් කරන්න බවට බුද්ධි අංශ වාර්තාවක් දෙයි.

වයඹ හා මිනුවන්ගොඩ ප්‍රහාර කර ඇත්තේ වෙසක් උත්සවය කඩාකප්පල් කරන්න බවට බුද්ධි අංශ වාර්තාවක් දෙයි.

වයඹපළාතේ හා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වෙසක් උත්සවය මුළුමණින්ම කඩාකප්පල් කිරීම සඳහා කළ ඒවා බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තා මගින් රජයට දැනුම් දී තිබේ.

වයඹ හා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව හොදින් සැලසුම්සහගතව කෙරී ඇති බවත් ඉහත ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රබලයන් ඵටින බවත් රජයට ඉදිරිපත් කළ බුද්ධි අංශ වාර්තාවේ සදහන්වේ.

සිද්ධියට අදාළ බුද්ධි වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ බාර දී ඇත.පාස්කු ප්‍රහාරය අති වී සති 3 ක් ගතවී තිබියදී වෙසක් සතියේම ඉහත සිද්ධීන් ඇති කිරීම මගින් වෙසක් උත්සවය කඩකප්පල් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව ඉහත බුද්ධි අංශ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

අයි.එස්.අයි.එස් සංවිධානයේ මරාගෙන මැරුණු කණ්ඩායමේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්ගේ බිරිදකගේ ගම වන හෙට්ටිපොල ප්‍රදේශයේ කඩාකප්පල්කාරී සිද්ධින් ඇති කර ඇත්තේ ඉතාමත් හොදින් සංවිධානය වී බවද රාජ්‍ය බුද්ධි වාර්තාවේ සඳහන් වේ. රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව අග්‍රාමාත්‍ය ඊයේ (15) දහවල්ම ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සමග සාකච්ඡා කර තිබෙනවා.

ෆේස්බුක්, වට්ස් ඇපි, වයිබර්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලා මුළුමණින්ම රටටම තහනම් කිරිමට රජය කිසිසේත් කටයුතු නොකළ බව අගමැති කැබිනට් මණ්ඩලයේදි සඳහන් කර තිබෙනවා. කිසියම් සිද්ධියක් මතුවුවහොත් අදාළ බල ප්‍රදේශයට පමණක් බලපැවැත්වෙන පරිදි සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කළද මුළු රටේම සමාජ මාධ්‍ය අවහිර කිරීමට තීරණය නොකළ බව ද අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය වරයා මේ බව සදහන් කර ඇත්තේ අරලියගහ මන්දිරයේදි පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමතිවරු මතු කළ කරුණු හමුවේ බවයි පැවසෙන්නේ. මුළු රටට බලපාන ලෙස සමාජ මාධ්‍ය අවහිර කළද විකල්ප මාර්ග ඔස්සේ සමාජ මාධ්‍ය වෙත සම්බන්ධ වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි තමන්ට ද වාර්තා වූ බව අගමැතිවරයා ඇමති මණ්ඩලයට දැනුම් දී ඇත.

එසේනම් රටේ සිද්දියක් වූ විට පළමුවෙන්ම සමාජ මාධ්‍ය අවහිර කරන්නේ කවුද යන්නයි ප්‍රශ්නය. රජයට පිටින් වැඩ කරන්න හැකියාවක් පුද්ගලයන්ට හැකි බවයි මෙයින් පෙනී යන්නේ. TRC ය තිබෙන්නේ ජනාධිපති යටතේ වන අතර ඔහු රජයේ කොටසක් නොවේද යන්නත් ප්‍රශ්නයක් වන අතර රටට මෙතරම් ආපධාවක් ඇති අවස්තාවක රටේ දේශපාලනය මෙතරම් අරාජික වී ඇතිනම් එය නිවැරදි කරන්න යුතුකම ඇත්තේ 225 ප්‍රමුක පාලනයේ මුලිකයන්ට වුවත් ඔවුන් වගකිමකින් රටට ඇත්තටම ආදරය ඇතිදැයි දැන් පැහැදිලිව දැකගත හැකි.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!