Breaking News
Home / දේශීය පුවත් / වත්මන් ආණ්ඩුව ත්‍රස්ත පනත යොදාගත්තේ රණවිරු දඩයමට බව මහින්ද කියයි

වත්මන් ආණ්ඩුව ත්‍රස්ත පනත යොදාගත්තේ රණවිරු දඩයමට බව මහින්ද කියයි

වත්මන් ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන්ව රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තිබෙන්නේ ත්‍රස්තවාදී උවදුරක් පවතින වෙලාවක ත්‍රස්තවාදීන්ට විරුද්ධව යෙදවීමට පමණක් බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ 2009 මැයි 19 වෙනිදා කොටිත්‍රස්තවාදය පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් විජේරාම නිල නිවසේදීඅද (19දා) පැවැති විශේෂ දේශනයකදීය.

“ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ අතින් යම් වැරැද්දක් සිදුවෙලා තියෙනවා නම් ඒක විභාග වෙන්න ඕනෙ සාමාන්‍ය නීතිය යටතේයි. මේ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ සඳහා භාවිත කළේ සිතා මතාම සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව පාවිච්චි කළේ මුලු ත්‍රිවිධ හමුදාවම මානසිකව වට්ටන්න. මෙතන ක්‍රියාත්මක වුණේ ලංකාව සම්පූර්ණයෙන්ම නැති භංගස්තාන කිරීමේ අංගසම්පූර්ණ වැඩ පිළිවෙලක්.”

මේ ආණ්ඩුව වගේම මහින්දගේ ආණ්ඩුව සමයේ එවකට එල්ටිටි 40000 පමණ ප්‍රමාණයකින් 23000 ක් ඝාතනය කර 12000 ක් පණපිටින් අල්ලාගත් යුද්ධය අවසන් කිරීමට යුධ හමුදාවට අන දුන් සරත් ෆොන්සේකා කරේ ඔසවාගෙන ගොස් හිරේ දැම්මේද මේ පනත් වලින් බව විපක්ෂ නයකට තරමක් අමතක වී ඇති බව පෙනී යයි.

තරමක් වයසින් වැඩි නිසා ඔහුගේ සමයේ කල දේ දැන් අමතක වෙන ස්වබාවයක් පෙනී යන අතර රණ විරු සමරුමටවත් ෆොන්සේකා සහබාගි කර නොගැනීමට මහින්ද මහතාගේ හිටපු ලේකම් වත්මන් ජනපති කටයුතු කර ඇති බවත් පෙනී ගියා.

දින 51 ආණ්ඩුවේ ජනපති අගමැති වරු සහ වත්මන් අගමැති කතානායක ඇතුළු සියල්ල සිටියත් ෆීල්ඩ් මාර්ෂල් නොමැතිව රණවිරු සමරුවත් ඒ පිලිබදද විපක්ෂ නයකට අමතකව ඇත්තේ දැන් වයෝවෘද නිසා විය හැකි.

About article14

Check Also

ඕස්ට්‍රේලියාව හා ලංකාව අතර තරගය සජීවීව

ඕස්ට්‍රේලියාව හා ලංකාව අතර ලෝක කුසලාන තරගය සජීවීව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!