Breaking News
Home / දේශීය පුවත් / වගක් නැතිව වහපු බිල්ඩිමකට කෝටිගානක් සබීතාට දෙන දුමින්ද ගයේෂාගෙන් පොහොර අරන් ගහන්න යන ගේම

වගක් නැතිව වහපු බිල්ඩිමකට කෝටිගානක් සබීතාට දෙන දුමින්ද ගයේෂාගෙන් පොහොර අරන් ගහන්න යන ගේම

සටහන – ප්‍රේෂල ගුණසිංහ

මාධ්‍ය මගින් දිගින් දිගටම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල ප්‍රයෝජනයට නොගෙනම කෝටි ගණන් මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරද්දීත් එම චෝදනා නෑසුනා මෙන් ඇස් කන් වසා සිටින කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සබීතා සතුටු කිරීම නොනවතාම දැන් ගයේෂා පෙරේරා සතුටු කිරීම සදහා ඇයගේ සැමියා වන හසංජිත් කුරුප්පුආරච්චි අධ්‍යක්ෂ ධූරය දරණ ජැට් ඇග්‍රි (JAT Agri) සමාගමේ මව් සමාගම වන (JAT Holding (pvt) Ltd) වංගුවක් ගසා පොහොර මිලදී ගැනීමේ ටෙන්ඩරය ලබාදීමේ සූදානමක් ගැන හෙළිදරව් වී ඇත.

JAT Holdings යනු මෙතුවක් කාලයක් කෘෂිකාර්මික ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ සමාගමක් නොවේ. අද ද එහි වෙබ් අඩවියට පිවිසෙන අයෙකුට එය පැහැදිලිව දැකගත හැකිය. 2016 වසර වනතෙක් ලයිට් හවුස් ඕඩියෝ විෂුවල් පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිළදාරියා ලෙස කටයුතු කළ හසංජිත්, JAT Technologies හි සමාන්‍යාධිකාරීවරයා ලෙස වැඩ පටන් ගන්නා තාක් JAT සමූහය කෘෂිකර්මාන්ත ව්‍යාපාර ආරම්භ කර නොතිබීමම මීට හොදම නිදසුනකි. හසංජිත් එලෙස JAT Agri නමින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරන්නේම, ගයේෂා සහ දුමින්ද අතර ඇති ඉතාම කිට්ටු සම්බන්ධතාවය හරහා දුමින්ගෙන් උපරිමය ඉටුවන බව දන්නා නිසාමය.

මේ අනුව තම මිතුරියට සන්තෝසමක් ලබාදීම සදහා ඇයගේ සැමියාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ JAT Agri ආයතනගේ මව් සමාගම වන JAT Holdings වෙත 2017/2018 මහ කන්නය සදහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 72 000ක ප්‍රමාණය සැපයීමේ ටෙන්ඩරය ලබාදීමට දුමින්ද දිසානායක ඇමතිවරයා උත්සහ කර තිබිණ. ඒ අනුව 2017.11.21 දින ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට දුමින්ද මැදිහත් වී තිබිණ.

සාමාන්‍යයෙන් රටේ කෘෂිකර්මාන්තයට දැඩිව බලපෑම් කළ හැකි මෙවැනි මිලදී ගැනීමක් සදහා ආයතනයක් තෝරා ගැනීමේදී ඒ සම්බන්ධයෙන් පළපුරුදු, ඒ ගැන දැනුමක් සහ ඉතිහාසයක් ඇති ආයතනයක් තෝරා ගැනීම නියමිත පටිපාටියයි. නමුත් මීට පෙර එවැනි කිසිම පළපුරුද්දක් නැති, වෙනත් ක්ෂ්‍රෙත්‍රවල ව්‍යාපාර කරන JAt Holdings විසින් අමාත්‍යවරයාගේ අනුදැනුම සහිතවම කූඨ ලෙස සකස් කළ වැරදි තොරතුරු රාශියක් සහිත ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණ. මෙම කූඨ ලිපි ලේඛන අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ ඇසෙන් පැනයාමට නොහැකි වී ඇත. මේ හේතුවෙන් එම ටෙන්ඩරය අවලංගු කිරීමට දුමින්දට සිදු විය.

මහ කන්නය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ඔක්තෝම්බර් මස මුලදී ය. ඒත් මේ වනතෙක් තම මිතුරිය සන්තෝෂ කිරීමට පැවති උනන්දුව රටේ ගොවියාට මහ කන්නය සදහා අවශ්‍ය පොහොර සපයා දීම සදහා කෘෂිකර්ම අමාත්‍යවරයාට ඇති වී නොමැත. මහ කන්නයේ වගා ආරම්භ කර සති 8ටත් වඩා ගත් වී, පොහොර අවශ්‍ය යැයි ගොවියන් උද්ඝෝෂණ කරන තත්වයට එළඹිම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අසමත් කමක් ලෙස අපට බැලූ බැල්මට පෙනේ.

නමුත් තත්වය එය නොවේ. තම යෙහෙළිය වන ගයේෂා පෙරේරාව සතුටු කිරිමට ඉදිරිපත් කළ ලිපි ලේඛන තාක්ෂණික සහ අමාත්‍ය ප්‍රසම්පාදන කමිටු වලින් ප්‍රතික්ෂේප කිරීම යළිත් තම වාසියටම යොදා ගැනීමට දුමින්ද දිසානායක සූක්ෂම වී ඇත. මෙවර ඔහුගේ ප්‍රයත්නය වී ඇත්තේ, මහ කන්නය සදහා පොහොර අවශ්‍යතාවය ඉතාම ඉක්මනින් සැපරිය යුතු බව හුවා දක්වමින්, නියමිත ප්‍රසම්පාදන පටිපාටිය උල්ලංඝණය කරමින්, අභියාජනා සදහා වෙන් කරන කාලයද අහුරමින්, දින 7ක් ඇතුළත මිලදී ගැනීම් අවසන් කිරීමටයි. මෙලෙස නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය තොරව යූරියා මෙට්‍රික් ටොන් 36 000ක්, ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 12 000ක් සහ මියුට්‍රේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 12 000ක් ආනයනය කිරීමට දුමින්ද දිසානායක ඇමතිවරයා දෙසැම්බර් 4 දින 68/2017 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබේ.

මෙලෙස කරවටක් ගිලෙන තෙක් වට වංගු ගසා කුට්ටි පිටින් තම ප්‍රිය මිතුරියන්ට සහ ඔවුන්ගේ සැමියන්ට සුර සැප දීමට දුමින්ද දිසානායක අමාත්‍යවරයා සතු උනන්දුව මේ රටේ කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් කවදා ඇතිවෙත්දැයි හූල්ලමින් බලා ඉන්නා මේ රටේ ගොවියාට අපට කීමට යමක් ඇත.

හෙට දිනයේ ඔබ පාරට විත් පොහොර ඉල්ලා අරගල කරන විට ඉන් වඩාත්ම ‘ආතල්’ ගන්නේ දුමින්දලාය, ගයේෂලාය, හසංජිත්ලාය. නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව තම හිතුමතේට පොහොර මිලදී ගන්නත්, ඒ පොහොර හිතුමතේට ඔබට අලෙවි කරන්නත්, ඒ සදහා වියදම් කරන ඔබේ බදු මුදල් සහ ඒ හරහා ලැබෙන ‘කුට්ටි’ වලින් නයිට් ක්ලබ් වල රිංගන්නේත් ඔය දුමින්දලාය, ගයේෂලාය, හසංජිත්ලාය.

එසේ ආතල් ගන්නා ගමන්, ඡන්දෙ දවසට ඔබට සීනි බෝල මල්ලක් රැගෙන එන්නේද ඔබේ බදු මුදලින් සහ ඔබෙන් ගසා ගන්න ඔය කුට්ටි වලින්ය. එහෙව් ඇමතිවරුන් පත් කර යවන්නේ ඔබලාමය.

සටහන – ප්‍රේෂල ගුණසිංහ

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!