Breaking News
Home / දේශීය පුවත් / ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත ශ්‍රී ලංකාව ලෙස නම් කරයි

ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත ශ්‍රී ලංකාව ලෙස නම් කරයි

ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් ශ්‍රී ලංකාව මුලික ස්ථානයට නම් කිරීම අපේ සංචාරක ව්‍යාපාරය ලත් ජයග්‍රහණයක් බවත්, ඒ ජයග්‍රහණයෙන් උදම් නොවී අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් සංවර්ධනය කරලීම සඳහා නව මංපෙත් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උරුමයන් වෙත මෙන්ම තවත් නවාංග වෙත සංචාරකයන් ආකර්ශනය කරලීම සඳහා විධිමත් සැලසුම් දියත් කළ යුතු බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

“2015 වසරේ සිට මේ ආණ්ඩුව ක්‍රියා කළේ සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදීමටයි. අද වන විට එහි ප්‍රතිඵල අපට ලැබී තිබෙනවා. නමුත් මෙම ප්‍රතිඵලයෙන් සෑහීමකට පත්වී සංචාරක ව්‍යාපාරයේ වැඩ කටයුතු නතර කළ නොහැකියි.

මෙම ප්‍රතිඵලය ආරම්භයක් පමණක් බව කිව යුතුයි. අප ඇති කරන අපනයන ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි. ඒ කෙටි කාලීන විදේශ ආදායම් ඉපැයිය හැකි ව්‍යාපාරයක් ලෙසයි.

Image result for lonely planet sri lanka

සංචාරක ව්‍යාපාරය යටතේ විශාල හෝටල් පමණක් නොව, නිවාස ආශ්‍රිත නවාතැන් ලබාදීම, කුඩා කඩ සාප්පු හා අවන්හල් යනාදිය ඇති කරමින් අප ඉදිරියට යා යුතුයි.

අපේ අඩුපාඩුකම් ද තිබෙන බව අප මතක තබා ගත යුතු වනවා. අපි එම අඩුපාඩු නිවැරදි කර ගත යුතුයි. ඒ වගේම විශාල වශයෙන් මුදල් වියදම් කරන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳව පමණක් නොව අපට ලැබෙන ආදායම කෙරෙහිත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!