Breaking News
Home / Video / ලෝක කුසලාන ජය සැමරුම් සමග ප්‍රංශයේ ජාතිවාදී ගැටුම් ඇවිල යයි. පැරිසිය මුම්බායි වගේ ජරා කර ඇතයි පවසමින් මුස්ලිම් හා සරණාගතයින්ට ප්‍රහාර

ලෝක කුසලාන ජය සැමරුම් සමග ප්‍රංශයේ ජාතිවාදී ගැටුම් ඇවිල යයි. පැරිසිය මුම්බායි වගේ ජරා කර ඇතයි පවසමින් මුස්ලිම් හා සරණාගතයින්ට ප්‍රහාර

2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය විසින් පසුගිය දින (15) දිනා ගත්තා. මෙම ජයග්‍රහනයත් සමග එම ජය සැමරීමට ප්‍රංශයේ අගනගරය වන පැරිස් නුවරට දහස් ගණනින් ප්‍රංශ ජනතාව එක් රැස් වී ප්‍රීතිඝෝෂා නගමින් සිටියා.

කෙසේ වෙතත් මෙම ජය සැමරුම අවසන් වූයේ මාර්ග අසල රැස්ව සිටි පිරිස් පැරිස් නගරයේ කඩසාප්පූ බිඳිමින්, ගිනි තබමින් සිදු කළ මහා විනාශයකින් පසුවය.

මෙම විනාශය නැවතීමට පැමිණි පොලීසියටද පහරදීමට ලෝක කුසලාන ජය සමරමින් සිටි පිරිස පසුබට වූයේ නැත. ඉන්පසුව පොලීසිය විසින්ද ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර පැරිස් නගරය දෙවනත් කළ එම කලබලය අවසන් වූයේ ජිවීත දෙකක් බිලි ගනිමිනි.

ලෝකයේ වඩාත්ම වටිනා ක්‍රීඩා ඉසව්වේ ජය සැමරුම එලෙසින් ප්‍රංශයේ ශෝකාන්තයක් වෙද්දි මෑත කාලයේ පැරිස් නගරයේ ගැටුම් හා කලබල ඇතිවූ මුල්ම වතාව මෙය නොවේ. ප්‍රංශයේ අතීත දේශපාලන ප්‍රතිපත්ති නිසා අතීතයේ බොහෝ රටවලින් සරණාගතයන් ප්‍රංශයට පැමිණියහ.

ඒ අතර ඇෆ්ගණිස්ථාන වැනි මුස්ලිම් සහ අප්‍රිකානු රටවල ජනතාව බහුල විය. මෙම සරණාගත ජනතාව පැරිස් නගරයේම සරණාගත කඳවුරු තුල ජීවත් වෙමින් සිටියි.

කෙසේ වෙතත් මෙම සරණාගතයන් නිසා පැරිස් නගරයේ අලංකාරය සහ ප්‍රංශයේ සිය උරුමය අහිමි වන බවට ප්‍රංශ ජාතිකයන් දැඩි ලෙස චෝදනා කරන අයුරුද දැක ගත හැකි විය. ප්‍රංශ මාධ්‍ය විසින් සරණාගතයන් සහ සංක්‍රමණිකයන් නිසා පැරිස් නගරය ඉන්දියාවේ මුම්බායි නගරය බවට පත්වෙමින් තිබෙන බවටද චෝදනා එල්ල කළේය.

ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් බලයට පැමිණෙන්නේ එවැනි පසුබිමකය. බටහිර පුරාම ජනප්‍රිය වෙමින් පවතින ජාතිකවාදී ධාරාවේ ජාතිකවාදී දේශපාලකයෙක් ලෙස ප්‍රසිද්ධ ඔහු සිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය රැගෙන ගියේ ප්‍රංශයේ සරණාගතයන් සහ සංක්‍රමණිකයන් සීමා කිරීමටයි. සංක්‍රමණිකයන් සිය රටට භාර ගැනීමේ නිතී දැඩි කිරීමටද ඔහු පොරොන්දු වූවා. මෙම පොරොන්දු නිසාම මැක්‍රෝන්ට මැතිවරණයෙන් ජය හිමිවූ අතර ඔහු ජනාධිපති කරවීමටද ප්‍රංශ ජනතාව ක්‍රියා කළා.

ඇමෙරිකාවට සරණාගතයන් පැමිණීම නවතා, ඇමෙරිකාවේ අයිතිය නැවතත් ඇමෙරිකානුවන්ටම ලබා දීමට පොරොන්දු වී ඇමෙරිකාවේ ජනපතිවරණය ජය ගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට මැක්‍රෝන්ගේ මැතිවරණ ව්‍යාපාරයද සමාන බව ජාත්‍යන්තර විචාරකයන් එකල අදහස් දැක්වූවා.

පසුගිය කාලයේ පැරිස් නගරයේ මෙම සරණාගත ජනතාව විසින්ම කලබල ඇති කළ අතර කඩසාප්පු වලට ගිණිතබමින් පොලිසීයට පහර දෙමින් ඔවුන් කටයුතු කිරීම නිසා පැරිස් නගරයේ ප්‍රධාන මාර්ග පහක් සාමාන්‍ය ජනතාවට තහනම් කිරීමටද ප්‍රංශ රජය පියවර ගත්තා.

මෙම සිදුවීම් වලින් පසු මුහුණ ආවරණය කර ගත් පිරිස් විසින් සංක්‍රමණිකයන්ගේ කඩසාප්පු ගිණි තබමින් පැරිස් නගරයේ ගැටුම් ඇතිකර තිබුනා. එම ගැටුම් සදහා සංක්‍රමණිකයන් සහ සරණාගතයන් සිය රටට පැමිණෙනවාට විරුද්ධ ප්‍රංශ ජාතිකයන් විසින් සිදු කර ඇති බවටයි කියවුනේ. මෙහිදි සංක්‍රමණික මුස්ලිම් ජනතාවගේ කඩසාප්පු කැරලිකරුවන්ගේ ප්‍රධානම ඉලක්කයක් බවට පත්ව තිබුනා. ඒ සදහා ප්‍රංශ පොලීසියේද සහය ලැබී තිබෙන බවටද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ප්‍රංශ පොලීසිය විසින් පැරිස් නගරයේ වෙනත් රටවලින් ප්‍රංශයට පැමිණි සංක්‍රමණිකයන්ගේ කදවුරු බුල්ඩෝසර් යන්ත්‍ර යෝදා ඉවත් කිරීමද පසුගිය කාලයේ කතාබහට ලක්වූවා. සංක්‍රමණික ජනතාව ජීවත් වූ කුඩාරම් වැනි එම කඳවුරු විනාශ කිරීමට ප්‍රංශ පොලීසිය පියවර ගෙන තිබුනා.

එම අවස්තාවන්හී ඡායාරූප පහතින්,

About article14

Check Also

ඉන්දියාවේ අනාගත අගමැති රාහුල් ගාන්ධි අගමැති රනිල් හමුවෙයි ලංකාවේ සුභසාධනය ගැන ඔහු උනන්දුවෙන්. ලංකා ගමනකට රනිල්ගෙන් ආරාධනා

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!