Breaking News
Home / ක්‍රිඩා / ලෝක කුසලානෙන් විසිවුන එක බල්ලට දාලා ලංකාවේ උන් ඉන්දියාව එක්ක පාර්ටි කරයි.

ලෝක කුසලානෙන් විසිවුන එක බල්ලට දාලා ලංකාවේ උන් ඉන්දියාව එක්ක පාර්ටි කරයි.

ලසිත් මාලිංගගේ උපන්දින සාදය වෙනුවෙන් ඉන්දිය කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් සහබාගි වී තිබෙනවා. එයට හිටපු ක්‍රීඩකයන්ද කණ්ඩායමෙන් එලියෙ සිටන ක්‍රීඩකයන්ද සහභාගිවෙලා.

මේකට මහේල සනත් වගේ අයත් ඇවිල්ලා. ඒක ගැන අපට එච්චර හිතන්න දෙයක් නෙවෙයි ඔවුන් ඉවත් වුන ක්‍රීඩකයන් නිසා. ඉතිහාසේ දරුනුම පරාජයට ලක්වුන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පාර්ටි කරන්න තරම් මානසිකත්වය හොදනම් උන්ට ක්‍රීඩා කරන්න මාන්සිකත්වය හොද නොවුනේ ඇයි?

ප්‍රේක්ශකයන් අතින් මුදල් වියදම් කරන් ඇවිත් හිතේ දුක විදගෙන අඬපු වෙලාවල් පසුගිය අවුරුදු දෙකේම තිබුනා. ඒක පුපුරලා ගියේ නුවර බෝතල් ප්‍රහාරයෙන්. මිනිස්සුන්ට දොස් කිව්වත් මේ පාර්ටි කෙරිල්ල දැක්කම ඇයි එහෙම නොවෙන්නේ කියලයි අපට හිතෙන්නේ.

දැන් අහයි උන්ට පාර්ටි හොද නැද්ද කියලා. එක්කෝ කරන්න ඕන සංචාරය ඉවර වුනාම. ලෝක කුසලානයටත් යන්න බැරිව ඉන්න වෙලාවේ මුන් බාල් නටලා සෙල්ෆි ගහලා. ඒවා ඉන්දියාවේ ක්‍රීඩකයන් සමාජ ජාල වලට දාලා. උන් පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇති.

ඔබ හිතන්න ඉන්දියාව මේ වගේ දරුනු පරාජයක් ලබලා ඉද්දි ලංකාව එක්ක මෙහෙම පාර්ටියක් දැම්මනම් ඔවුන්ගේ අගමැතිම කතා කරලා ඔවුන් එලවයි. මිනිස්සු ගෙවල් ගිනි තියයි. ඒව හරිද වැරදිද අපට අදාල නෑ. එත් උන් ඒ බයට හරි හැගීමට හරි උන් එහෙම කරන්නෙ නෑ. අපේ උන් හරි සැහැල්ලුවෙන් ඉන්නේ ඕව ඔලුවෙ තියන් ඉස්සරහ තරග වලට යන්න බෑ කියයි. එහෙනම් අහන්න තියෙන්නේ තොපිට ඇයි බැරි පරන පරාජයන් අමතක.කරලා අළුත් ඒව දිනන්න.

මෙයට නායක උපුල් තරංග සහභාගි නොවූ බවයි වාර්ථා වෙන්නේ.

 

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!