Breaking News
Home / ක්‍රිඩා / ලෝක කුසලානයට පෙර අවසන් එක්දින තරගාවලියට කණ්ඩායම උඩුයටිකුරු කරයි නායකත්වය ලසිත්ටම තරංග අකිල ඉසුරු කමිදු ඇතුලට. දිනේෂ් ධනුෂ්ක එලියට

ලෝක කුසලානයට පෙර අවසන් එක්දින තරගාවලියට කණ්ඩායම උඩුයටිකුරු කරයි නායකත්වය ලසිත්ටම තරංග අකිල ඉසුරු කමිදු ඇතුලට. දිනේෂ් ධනුෂ්ක එලියට

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා වන ශ්‍රි ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ.මෙම සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට හිමි ව තිබෙන අතර උප නායකත්වය හිමි ව තිබෙන්නේ නිරෝෂන් දික්වැල්ලටය. සංචිතය මෙසේයි.

ලසිත් මාලිංග – නායක, නිරෝෂ් දික්වැල්ල – උප නායක, අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා,කුසල් මෙන්ඩිස්,ධනංජය ද සිල්වා,තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ පෙරේර, ඕෂද ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සදකැන් වෙයි.

එක්දින සංචිතයට නව ක්‍රීඩකයින් රැසක් අයත් වන අතර ඉන් පළමු වතාවට ආ ක්‍රීඩකයන් වන්නේ අවිශ්ක ප්‍රනාන්දු, ඔෂධ ප්‍රනාන්දු, ප්‍රියාමල් පෙරේරායි.ඊට අමතරව පසුගිය සංචිතයේ නොසිට මෙම සංචිතයට අයත් ක්‍රීඩකයන් වන්නේ ජේෂ්ඨ ක්‍රීඩක උපුල් තරංග, ඉසුරු උදාන, අකිල ධනංජය, ඇන්ජලෝ පෙරේරා, කමිදු මෙන්ඩිස්.

ඇන්ජලෝ මැතිව්ස් ද ආබාදය සුවවුවොත් බොහෝ දුරට මෙම සංචිතයට එකතුවිය හැකි බව වාර්තා වනවා. දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, සධිර සමරවික්‍රම වැනි ක්‍රීඩකයන් පසුගිය සංචාරයේ සිට මේ සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. එසේම දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නිවැරදි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!