Breaking News
Home / දේශීය පුවත් / ලෝක උරුමයක් වන ජාතික නාමල් උයන නමින් වෙබ් අඩවියක් විවෘත වෙයි කේබල් කාර් ව්‍යාපෘතියකට යෝජනාවක් නාමල් උයන හිමිගෙන් අගමැතිට ප්‍රශංසා

ලෝක උරුමයක් වන ජාතික නාමල් උයන නමින් වෙබ් අඩවියක් විවෘත වෙයි කේබල් කාර් ව්‍යාපෘතියකට යෝජනාවක් නාමල් උයන හිමිගෙන් අගමැතිට ප්‍රශංසා

ලෝක උරුමයක් වන ජාතික නාමල් උයන වෙනුවෙන් වෙබ් අඩවියක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කරනු ලැබූවා. එහිදී ඒ ආශ්‍රිත කේබල් කාර් ව්‍යාපෘතියක් සදහා සැලැස්මක්ද අගමැති වෙත ලබා දී තිබෙනවා.

 

පුජ්‍ය වනවාසී රාහුල හිමියන් එම අවස්ථාවේදී අගමැති වරයාට තම ප්‍රසංශාව පිරිනැමූ අතර තමන්ට අධිෂ්ටානයක් ඉලක්කයක් ඇතිනම් එය මල්පල ගැන්වෙන බව අගමැතිවරයා එහි පැමිණීමෙන් පෙනෙන බව උන් වහන්සේ පවසා සිටියා.

තමන්වහන්සේට දේශපාලනයක් නැති බවත් පත්වෙන ඕනෑම නායකයකු සමග වැඩකටයුතු සහයෝගයෙන් කරන බවත් රාහුල හිමියන් පවසනවා. නාමල් උයන ආශ්‍රිතව පවුල් 50 ක් පමණ ජිවත් වන බවත් කැබිනට් ඇමති කෙනෙකු නොකරන සේවයක් එම ප්‍රදේශයට තමන් වහන්සේ කරන බවත් උන්වහන්සේ පවසනවා.

නාමල් උයන ව්‍යාපෘතිය ආශ්‍රිත මාර්ග කාපට් කරදෙන ලෙසත් ගිලන් රථයක් ලබා දෙන ලෙසත් උන්වහන්සේ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි අතර දෙමල මුස්ලිම් සිංහල වෙනසක් නැතිව ජිවත් වෙන මෙම ප්‍රදේශයේ බේද නිර්මාණය කිරීමට ඇතැමුන් උත්සහා කරන බවද උන්වහන්සේ විශේෂයෙන් මතක් කර සිටියා.

Image result for jathika namal uyana sri lanka

නාමල් උයන ව්‍යාපෘති කාර්යාලයක්ද මෙදින(13) විවෘත කල අතර අගමැතිවරයා නාමල් උයන හිමියන්ගේ කතාව අසා සිටියේ ඉතා බයෙන් බව පවසා සිටියා. ඒ තමන්ට එහි පැමිණීමට ටික කාලයක් ගතවූ නිසා දෝෂාරෝපණයක් කරයිදෝ යන බයෙන් බව අගමැති පවසා සිටියා. එහෙත් රාහුල හිමි දැක්වූ සුහදත්වයට කෘතඥ වන බවත් උන්වහන්සේ නැතිනම් අද රෝස තිරුවානා කන්ද ජාවාරම්කරුවෙකු කපා විකුණා අවසන් බවත් එය දිවි හිමියෙන් රැකි උන්වහන්සේට තමන්ගේ ආචාරය පුදන බවත් පවසා සිටියා.

මෙම ව්‍යාපෘතිය දියුණු කිරීමටත් ආරක්ෂා කිරීමටත් උන්වහන්සේට නොමද සහය ලබා දෙන බව වනවාසී රාහුල හිමිට අගමැති රනිල් පොරොන්දුවක් ලබා දුන්නා

 

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!