Breaking News
Home / ක්‍රිඩා / ලෝකේ 20 20 තරග 10 ගත්තොත් 8 දිනන්නේ හඹාගොස් ඒත් මාලිංග වගේ අය ඉන්නවනම් ඒක කරන්න ටිකක් අමාරුයි

ලෝකේ 20 20 තරග 10 ගත්තොත් 8 දිනන්නේ හඹාගොස් ඒත් මාලිංග වගේ අය ඉන්නවනම් ඒක කරන්න ටිකක් අමාරුයි

ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර නිදහස් කුසලාන තරඟාවලියේ පැවති තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත්වී ඒ තරඟයේ සිදුවූ සිදුවීම් ගැන මේ වන විට මාද්‍ය ඔස්සේද වාර්තා කිහිපයක්ම පලවී ඇති අතර තරඟයේ බංගලාදේශ ක්‍රීඩකයන්ගේ හැසිරීම ඉන්දීය මාද්‍ය ඇතුළු ජාත්‍යන්තර මාද්‍ය දැඩි ලෙස පිළිකුල් කර තිබෙන අකාරයක් අපට දැකගත හැක.

තරඟයේ වැඩිම චෝදනාවට ලක්වූ ක්‍රීඩකයෙක් වන ෂකීබ් අල් හසන් තරඟයෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුනේ ඊයේ සිද්දිය තමාට තවමත් අදහාගත නොහැකි බවය.

“අපිට තරඟය දිනන්න පන්දු 30 කදී ලකුණු 50 ක් ගන්න ඕන වෙලා තිබුනේ,මම හිතන්නේ T 20 තරඟ 10 ක් ගත්තොත් එකෙන් අටක්ම මේ ඉලක්කය හඹා යනවා,ඒ කියන්නේ මේ ඉලක්කය පහසු ඉලක්කයක්,ඒ විදියට හඹා යන්න බැරි වෙන්න තිබුන අනිත් කණ්ඩායමේ ලසිත් මාලිංග,සුනිල් නාරායන්,රෂීඩ් ඛාන් වගේ පන්දු යවන්නෙක් හිටියනම්,හැබැයි එහෙම නොවීත් ඔවුන් අපිට අන්තිමට ලොකු පීඩනයක් එල්ල කළා.මම හිතන්නේ ඒ වගේ පීඩනයක් යටතේ ඉද්දි ඕනෑම දෙයක් වෙන්න පුළුවන්”

තරඟයේ ජයග්‍රහණයට දායක වුන තමීම්ගේ සහ මහමදුල්ලාගේ ඉනිම් ගැනද ෂකීබ් පවසා තිබුනේ එම ඉනිම් සුපිරි ඉනිම් බවය.”තමීම් ගොඩක් වගකීමෙන් ක්‍රීඩා කළා,ඒ වගේම මහමදුල්ලගේ ඉනිම කාලයකට අමතක වෙන එකක නෑ,ඔහු තරඟයේ ජයග්‍රහණයට කරන්න ඕන උපරිමයම කළා.”

ෂකීබ් එසේ පැවසුවද තරඟය අවසානයේ ෂකීබ් මහමදුල්ලගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට බජාර් එකේ චන්ඩියෙකු මෙන් තම ක්‍රීඩකයන් පිටියෙන් ඉවත් කර ගනිමින් තරඟය අවසාන කර ගන්නට උත්සාහ කරන ආකාරයට අපට දැකගත හැකි විය.

About lanka

Check Also

ආර්ජන්ටිනාවට වඩා ප්‍රංශයේ ආරක්ෂක වැට ප්‍රභල නිසා ආර්ජන්ටිනාව ලෝක කුසලානයට ආයුබෝවන් කියයි. ලොව වටිනාම ක්‍රීඩකයා මෙසී ක්‍රීඩාවෙන් සමුගයි

සුපිරි 16 වටය අරභමින් පැවති ප්‍රංශය හා ආර්ජන්ටිනා අතර තරගය අද (30) පළමු තරගය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!