ඩේල් ස්ටේන් කියන්නේ හරි අපුරු වේගපන්දු යවන්නෙක්,වේගය ඉලක්කය දෝලනට පන්දු වල විවිදත්වය වගේ වේගපන්දු යවන්නෙකුට තියෙන්න අවශ්‍ය හැකියාවන් අතරින් සියලුම හැකියාවල් තිබුන වේගපන්දු යවන්නෙක් තමයි ස්ටෙයින් කියන්නේ.
ස්ටේයින්ගෙන් විදෙස් මාද්යයක්ප්රශ්නයක් අහල තිබුන ප්රශ්නය තමයි ඔබ පන්දු යවපු අමාරුම පිතිකරු කවුද කියල,ස්ටෙයින් මේ ප්‍රශ්නයට අපුරු උත්තරයක් දීල තිබුන.
“ඇත්තටම ඒ ප්‍රශ්නෙට එහෙම කෙනෙක් හිටියේ නෑ කියල උත්තර දෙන්න තිබුනානම් තමයි හොඳ,හැබැයි එහෙම උත්තර දෙන්න බෑ මොකද ඇත්තටම අමාරු පිතිකරුවෝ හිටිය.
ක්‍රිකට් තරඟයක ස්වභාවය අනුව පිතිකරුවෝ අමාරු වෙන වගේම ලේසි වෙන වෙලාවලුත් තිබුන,මොකද අලුත් පන්දුවෙන් පන්දු යවද්දී ලේසියෙන් දවා ගන්න පුළුවන් පිතිකරුවෙක් පන්දුව පරණ වෙද්දී තර්ජනයක් වෙන්න පුළුවන්,
ඒ වගේම ඒ විදියට තර්ජනයක් වෙලා හිටපු පිතිකරුව ඊට පස්සේ දෙවැනි නව පන්දුව ගත්තම නැවත පන්දු යවන්න ලේසි පිතිකරුවෙක් වෙන්න පුළුවන්.
ඔය හැමදේම බැලුවම මම පන්දු යවපු අමාරුම පිතිකරුව විදියට මම සලකන්නේ සචින් ටෙන්ඩුල්කාර් ,අනිත් පිතිකරුවෝ ගත්තොත් එයාල දවාගන්න පුළුවන් තැන් අපිට පන්දු යවන්න එද්දී පේනවා,හැබැයි සචින් අපි දුවගෙන එද්දී ම ඔහු දවාගන්න පුළුවන් වෙයි කියල අපිට පේන තැන් වහගන්නවා,ඒ නිසා මම හිතන්නේ මම මුහුණ දීපු අමාරුම පිතිකරු තමයි සචින්.
සචින් ගැන එලෙස පවසා ඇති ස්ටෙයින් එක්දින තරඟවල විශේෂයෙන් T20 තරඟවල තමන් පන්දු යැවීමට අකමැතිම පිතිකරුවා ලෙස හඳුන්වන්නේ කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල්ය.
“ඇත්තටම ගේල්ට පන්දු යවන එක ලේසි නෑ,ඔහු පන්දු යවන්නෝ විනාශ කරන පිතිකරුවෙක්,පන්දුවේ වේගය දෝලනය වගේ කිසිම දෙයක් ගේල්ට අදාළ වෙන්නේ නෑ.ඒ නිසා ගේල්ට පන්දු යවන හැම පන්දු වාරයකම මම හිතාගන්නේ මේ මම ගේල්ට යවන අන්තිම පන්දු වාරය වෙන්න කියල.”
ඔය විදියට තමයි දකුණු අප්‍රිකාව බිහිකළ සුපිරිම වේගපන්දු යවන්නෙක් වන ඩේල් ස්ටෙයින් තමන් අමාරුවේ දාපු පිතිකරුවෝ ගැන කියල තිබුනේ.