Breaking News
Home / ක්‍රිඩා / ලෝකපුජිත සංගා සුපිරි පිතිකරුවෙකු විතරක් නෙවෙයි ලෝක කුසලාන තරගාවලිවල විශිෂ්ටතම කඩුලු රකින්නා බව ක්‍රිකට් මහගෙදර අයිසීසීය කියයි

ලෝකපුජිත සංගා සුපිරි පිතිකරුවෙකු විතරක් නෙවෙයි ලෝක කුසලාන තරගාවලිවල විශිෂ්ටතම කඩුලු රකින්නා බව ක්‍රිකට් මහගෙදර අයිසීසීය කියයි

2019 ලෝක කුසලානය වෙනුවෙන් ICC නිල වෙබ් අඩවිය පසුගිය ලෝක කුසලාන තරඟාවලි වල ක්‍රීඩකයන් දැක්වූ විශේෂ දක්ෂතා පිළිබඳව අගයන විශේෂ ලිපි පලකරන අතර ලෝක කුසලානයේ මෙතෙක් බිහිවූ හොඳම කඩුලු රකින්නා ලෙස සුවිශේෂ ඇගයීමකට සංගක්කාර නම් කර ඇත.

මෙම ලිපිය අනුව ලෝක කුසලාන තරඟ වල දක්ෂතා පෙන්වූ හොඳම කඩුලු රකින්නන් පස් දෙනා නම් කර ඇත.

Image result for mark boucher south africaපස්වන ස්ථානය දිනාගෙන තිබෙන්නේ දකුණු අප්‍රිකාව බිහිකළ සුපිරි කඩුලු රකින්නෙකු වන මාක් බව්චර් ටය.බව්චර් යනු ටෙස්ට් දවාගනීම් 555 කට දායාක වූ ලෝකයේ සිටි දක්ෂතම කඩුලු රකින්නකු වන අතර ඔහු ලෝක කුසලාන තරඟාවලි වලදී තරඟ 25 ක් තුල දවා ගැනීම් 31 කට තම දායකත්වය ලබා දී ඇත.

Image result for brendon mccullum new zealand keep

මේ සටහනේ දෙවැනි තැන සිටින නවසීලන්ත ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් ලෝක කුසලාන තරඟාවලි 4 කට ක්‍රීඩා කර ඇති අතර ඔහු දවා ගැනීම් 32 කට තම දායකත්වය ලබා දී ඇත.ඔහු තරඟ 25 ක කඩුලු රකින්නා ලෙස කටයුතු කර ඇති අතර වඩාත්ම සාර්ථක ලෝක කුසලානය බවට පත්වී ඇත්තේ 2007 ලෝක කුසලානය වන අතර එම ලෝක කුසලානයේ තරඟ 10 ක් තුල දවාගනීම් 14 කට ඔහු දායකත්වය ලබාදී ඇත.

Image result for ms dhoni

වාර්තාවේ තෙවන තැන දිනාසිටින ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක MS දෝණි බොහෝ විට 2019 ලෝක කුසලානයට ද ක්‍රීඩා කල හැකි නිසා ඔහුට මේ වාර්ථාවේ තම දවාගනීම් වලට තවත් කඩුලු එකතු වනු ඇත.දෝණි ලෝක කුසලාන තරඟාවලි තුනකදී තරඟ 20 කට ක්‍රීඩා කර දවා ගැනීම් 32 කට තම දායකත්වය ලබා දී ඇත.ඔහුගේ සාර්ථකව ලෝක කුසලානය බවට පත්වී ඇත්තේ 2015 ලෝක කුසලානය වන අතර එම ලෝක කුසලානයේදී දවා ගැනීම් 15 කට දෝණි දායක වී ඇත.

Image result for adam gilchrist

මේ වාර්තාවේ දෙවන තැන සිටින්නේ ඕස්ට්‍රේලියා සුපිරි ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් වන අතර ඔහු දවාගනීම් 52 කට දායක වී ඇත.ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනාගත් 2003 ලෝක කුසලානයේ ඉනිම 10 ක් තුල දවාගනීම් 21 කට දායක වුන ගිල්ක්‍රිස්ට් එක ලෝක කුසලාන තරඟාවලියක වැඩිම දවා ගැනීම් වාර්තාව සහ නැමීබියාවට එරෙහි තරඟයක උඩ පන්දු 6ක් ලබාගෙන එක ඉනිමක වැඩිම දවාගනීම් වලට දායක වූ ක්‍රීඩකයාද වේ.

Image result for kumar sangakkara keep

ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් වෙමින් වාර්තාවේ පළමු තැන සිටින්නේ කුමාර සංගක්කාර වන අතර ඔහු ලෝක කුසලාන තරඟාවලි 4 කට (2003,2007,2011,2015 )ක්‍රීඩා කර දවා ඉනිම 36 ක් තුල  ගැනීම් 54 කට දායක වී ඇති අතර ස්ටම්ප් කිරීම් 13 ක් කරමින් වැඩිම ලෝක කුසලාන ස්ටම්ප් කිරීම් වාර්තාවද තිබෙන්නේ සංගා නමටය.

සංගාට වඩා දවා ගැනීම් 22 ක් පිටුපසින් සිටින දෝණිට මෙම වාර්තාවට යන්නට නම් 2019 ලෝක කුසලානයේ දවා ගැනීම් 22 ක් කල යුතු අතර තවත් කිසිම ක්‍රීඩකයෙකු සංගාගේ ආසන්නයෙවත් නැති නිසා සංගාගේ වාර්තාව තව කාලයක් පවතිනු ඇතයි අපට අනුමාන කල හැක.

මෙවන් විශිෂ්ටයකු බිහිවන්නේ ඉබේ නොවෙයි. වර්තමාන ක්‍රීඩක කෝලි මෙන් අසීමිත කැපකිරීම් කරමින් ලෝකය ජයගත් විශිෂ්ටයෙක් සංගා. අද සිටින ඕනෑම පුද්ගලයෙක්ට තම ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක් වන්නට මොවුන් ජීවමාන ආදර්ෂයි.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!