Breaking News
Home / Video / ලොව සිටින හොදම පන්දු යවන්නෙක් ලංකාවට ගිහින් දැන් හොද දස්කම් අතර ඉන්නේ තරගාවලිය තියෙන්නේ ඔහු අතේ. ශර්මා මාලිංගව අගයයි

ලොව සිටින හොදම පන්දු යවන්නෙක් ලංකාවට ගිහින් දැන් හොද දස්කම් අතර ඉන්නේ තරගාවලිය තියෙන්නේ ඔහු අතේ. ශර්මා මාලිංගව අගයයි

ලෝක කුසලානය වෙනුවෙන් තේරීම් කල ශ්‍රී ලංකාවේ පැවති පළාත් තරගාවලියට පෙර පළමු අයිපිඑල් තරග 3 ක්‍රීඩා කර හා 3 වන තරගයට මුහුණ දී පැය 14 ඇතුලත ලංකාවේ පළමු තරගයේදී කඩුලු 7 ක් හා ඉන්දියාවේදී කඩුලු 3 ලබා ගත් ලෝක පුජිත ලසිත් මාලිංග නැවත ඊයේ (16) 2019 අයිපිඑල් තරගාවලියේ 31 වන තරගයට නැවත සහභාගී වුනා.

මාලිංග වෙනුවට කණ්ඩායමට යෙදවූ කොදෙව් යොවුන් ක්‍රීඩක අල්සාරි ජෝශප් පළමු තරගයෙන්ම කඩුලු 6 ලබා වාර්තාවක් තැබුවත් ඉන් පසු තරග කිහිපයේ අවසන් පන්දුවාර කිහිපය යැවීමට තරම් අත්දැකීම් අඩු බවක් පෙන්නුම් කල අතර ඔහු මේ වන විට අබාදයකට ලක්ව තිබෙනවා.

මෙවර ඉන්දීය නායකයාගේ කණ්ඩායම වන බැන්ගලෝරු කණ්ඩායම දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති අතර ලෝක කුසලානයක් ඉදිරියේ ඔහුගේ නායකත්වය පිලිබදවත් කතා කිරීමට පවා එම දැවැන්ත පරාජයන් මේ වන විට හේතු වී තිබීම විශේෂත්වයක්.

බැන්ගලෝරු කණ්ඩායම තරග 8 කට මුහුණ දී ජයගත්තේ එක තරගයක් පමණක් වන අතර ඊයේ 7 වන වතාවටත් ඔවුන් පරාජය වුයේ නැවත මෙම වාරයේ අයිපිඑල් හොදම කණ්ඩායම් 4 ට පැමිණීම හීනයක් කරමින්. කෙසේ වෙතත් පළමුව පන්දුවට පහර දුන් රෝයල් චැලේන්ජ් කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 171 ලබා ගත්තා.

එහිදී මොන් අලි සහ විලියස් ලකුණු 95 ක සම්බන්දයක් පැවැත්වූ අතර මොන් සහ විලියස් එක ලග තම අර්ධ ශතක ලබා ගත්තා. අලි ලකුණු 50 යි. විලියස් තනි සටනක් දෙමින් ලකුණු 75 ලබා ගත්තා. කෙසේ වෙතත් ලෝකයේ අවසන් පන්දුවාර යැවීමේ ලෝක පුජිතයකු ලෙස මේ වන විට ලෝකයම සලකන ලසිත් මාලිංග 18 වන හා 20 වන පන්දු වාර ක්‍රියාත්මක කිරීමට නායක ශර්මා කැදවු අතර 17 වන පන්දු වාරය වන විට ලකුණු පුවරුව සදහන් වුයේ ලකුණු 144 ට කඩුලු 2 ලෙසයි.

එවිට අලි සහ විලියස් ලකුණු 95 ක සම්බන්දයක් පවත්වා තිබු අතර දෙදෙනාම අර්ධ ශතක වාර්තා කර දැවැන්ත ලකුණු ප්‍රමාණයකට යාමට සුදානමින් සිටියා. එහෙත් මාලිංග 18 වන පන්දු වාරයේ යැවූ පළමු පන්දුවට අලි වේගවත් පහරක් එල්ල කිරීමට යාමේදී මාලිංග වේගය අඩාළ කල යැවූ පන්දුවට උඩපන්දුවක් ලබා දී දැවී ගියා.

ඉන් අනතුරුව යැවූ පන්දුව පුල්ටෝස් පන්දුවක් වූ අතර එයට විලියස් දැවැන්ත 6 පහරක් එල්ල කළා. 3 වන පන්දුවට විලියස් එක ලකුණක් ලබා ස්ටෝයින්ස් 4 වන පන්දුවට ක්‍රීඩා කල අතර ඔහු ලකුණු ලබා ගත්තේ නැ. කෙසේ වෙතත් 5 වන පන්දුවට නැවත වේගය අඩාල කල පන්දුවට සෙමින් පහරක් ගසා ලකුණක් ලබා ගැනීමට උත්සහා කිරීමේදී පිත්තේ උඩ අග්‍රයේ වැදී පහසු උඩපන්දුවක් ලබා දී ස්ටෝයින්ස් දැවී ගියා.

විචාරකයන් පවා පවසා සිටියේ ස්ටෝයින්ස් පිටියට පැමිණ මොහොතේ සිට කිසිදු අවබෝධයක් මාලිංගගේ පන්දු පිලිබදව ඔහුට අවබෝධයක් නොතිබුන බවයි. 18 වන පන්දුවාරය නිමා වුයේ ලකුණු 8 ලබා දී කඩුලු 2 ක් දැවී ගිය පන්දුවාරයක් ලෙසයි. 19 වන පන්දුවාරය බුම්රා යැවූ අතර විලියස් හතරේ පහර 2 ක් එහිදී ලබා ගත් අතර එම පන්දුවාරයට ලකුණු 10 ලබා ගත්තා.

20 වන පන්දුවාරය නැවත ලෝක පුජිත මාලිංග යැවූ අතර පළමු පන්දුවටම විලියස් දැවැන්ත 6 පහරක් එල්ල කළා. දෙවන පන්දුවට ලෝන් ඔන් කලාපයට පහරක් එල්ල කල අතර දැවැන්ත ක්‍රීඩක පොලාඩ් කෙලින්ම කඩුල්ලට පන්දුව යොමු කිරීමෙන් විලියස් නොසිතු ලෙස දුවද්දී දැවී ගියා. 3 වන පන්දුවට හා පස්වන පන්දුවට දැවැන්ත පහරවල් එල්ල කිරීමට ගොස් පිතිකරුවන් දෙදෙනෙක් දැවී ගිය අතර අවසන් පන්දුවාරයට මාලිංග ලබා දුන්නේ ලකණු 9 පමණයි.

කෙසේ වෙතත් මාලිංග යැවූ 18 හා 20 වන පන්දුවාර 2 ට ලබාදුන්නේ ලකුණු 17 වන අතර එහිදී කඩුලු 5 ක් දැවී ගියා. මාලිංග ලකුණු 31 කට කඩුලු 4 ලබා ගත්තා. පන්දුවට පහර දීමට පැමිණි මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරුවන මුම්බායි කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධය ලකුණු 70 ක්. ශර්මා හා කොක් හොදින් ඉනිම ආරම්භකළ අතර ශර්මා 28 කට දැවී ගියා.

මෙම ඉනිමේ ක්‍රීඩා කල පිතිකරුවන් සියල්ල සමානව ජයග්‍රහණය දායක වීම විශේෂත්වයක්. කොක් ලකුණු 40 යි. යාදව් 29 යි.ඉෂාන් කිෂාන් 21 යි. තරගය ජයග්‍රහණය වෙත ගෙන ගියේ ප්‍රවේගකාරී පිතිකරු හර්දික් පාන්ඩයා වන අතර ඔහු නොදැවී ලකුණු 37 යි. එය පන්දු 16 දී හතරේ පහර 5 හා හයේ පහර 2 සමග ලබා ගත්තා.

18 වන පන්දුවාරය අවසන් වන විට මුම්බායි කණ්ඩායමට පන්දු 12 කට ලකුණු 22 ලබා ගැනීමට තිබු අතර 19 වන පන්දුවාරය අශිෂ් නෙහෙරා පිටියෙන් එළියේ සිට දුන් ඉගියක් අනුව දග පන්දු යවන නෙගි කැදවූ අතර ඔහුගේ පන්දු 6 ට පාන්ඩයා හයේ පහර 2 සහ 4 පහර 2 සමගින් ලකුණු 22 ලබාගෙන එම පන්දුවාරයෙන්ම තරගය අවසන් කර 7 වන පරාජයත් බැන්ගලෝරු කණ්ඩායමට අත්කර දුන්නා. ඒ වගේම මාලිංග පසුව පවසා තිබුනේ පාන්ඩයා මේ වන විට විශිෂ්ට ලෙස දස්කම් අතරට ඇවිත් නිසා ලෝක කුසලානයේදී ඔහුට පන්දු යැවීමට තමන් පවා දැන් බයවී සිටින බවයි.

තරගයේ වීරයා වුයේ ලසිත් මාලිංග වන අතර ඔහු පැවසුවේ අවසන් සති දෙක තමන්ට ඉතා අසීරු කාලයක් වූ බවයි. ඒ ලංකාවේ දේශීය තරගාවලියට සහබාගි වීම හා අයිපිඑල් තරගාවලි දෙකටම සහබාගිවිමට සිදුවූ නිසා බවයි. එහෙත් දේශීය තරවලට උපරිම දීමටත් කටයුතු කල බවත් ඒ වගේ තරගාවලි මනස ශක්තිමත් කර ගැනීමට ඉතා හොදම අවස්තාවක් බවයි මාලිංග පැවසුවේ.

මේ තරගයේ ප්‍රධානම ඉලක්කය වුයේ විලියස් බවත් ඔහු මෙල්ල කිරීමට පන්දු යැවීමේ උපක්‍රම බාවිතා කල බවත් මාලිංග පැවසුවා. ඉන් අනතුරුව නායක ශර්මා පැවසුවේ මාලිංග ගැන අමුතුවෙන් කතා කිරීමට දෙයක් නැති බවත් ඔහු කොතරම් මොම්බායි කණ්ඩායමට අවශ්‍යද යන්න ඔවුන් හැමවිටම දන්නා බවයි. ඔහුගේ දක්ෂතා දැක්වීම කණ්ඩායමට කෙලින්ම බලපාන බවත් ඔහු ලංකාවට ගොස් හොදින්ම දස්කම් අතරට දැන් අවිත බවත් ශර්මා පවසනවා.

තරගාවලියේ ඉදිරියට යාමට ඔහු තීරණාත්මක සාදකය බවත් අවසන් පන්දු වාර යැවීමට ලෝකයේ සිටින හොදම දක්ෂයෙක් බව අප කවුරුත් දන්නා බවත් අමුතුවෙන් ඒ ගැන ශර්මාට කීමට දෙයක් නැති බව කියමින් මාලිංග පිළිබද ඉහල ඇගයීමක් සිදුකලා.

ලසිත් මාලින දේශීය තරගාවලියේ හොදම පන්දු යවන්නා ලෙස ගොස් හොද මානසිකත්වයකින් දස්කම් අතර සිටීම ලෝක කුසලාන තරගාවලියට ලංකා කණ්ඩායම එක මවකගේ දරුවන් මෙන් ක්‍රීඩා කළහොත් හොද ප්‍රතිපලයක් ලබා ගැනීමට ප්‍රභල හේතුවක් වේවි

ඒ වගේම මේ වන විට අයිපිඑල් තරගාවලියේ අඩක් අවසන් වී ඇති අතර මේ වන විට හයිද්‍රාබාද් හා රාජස්ඨාන හැර අනෙක් කණ්ඩායම් තරග 8 බැගින් සහභාගී වී තිබෙනවා. දෝනිගේ චෙන්නායි කණ්ඩායම තරග තරග 7න් 8ක්ම ජයගෙන ඇති අතර ප්‍රසාද ලකුණු 14 යි. දෙවන ස්ථානය දිල්ලි කැපිටල් සිටින අතර තරග 5 ජයගෙන ලකුණු 10යි. තුන්වන ස්ථානය මහේල ප්‍රධාන පුහුණුකරු වන මාලිංග ක්‍රීඩා කරන මොම්බායි කණ්ඩායම තරග 5 ජයගෙන ලකුණු 10 ලබා සම ජයග්‍රහණ ලබා තිබෙනවා. කල්කටා කණ්ඩායම තරග 4 ජයගෙන ලකුණු 8 යි හතර වන ස්ථානයේ සිටින අතර පන්ජාබ් කණ්ඩායමද පස්වන ස්ථානයේ සිටින්නේ සම ජයග්‍රහණ ලබාගෙනයි.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!