Breaking News
Home / කාටූන් / ලොව පැරණිම රැකියාව ලංකාවේ තහනම් වුනාට කරන්න පුළුවන්නම් නවසීලන්තයට යන්න වීසා එක්ක සුපිරි වැටුපක්

ලොව පැරණිම රැකියාව ලංකාවේ තහනම් වුනාට කරන්න පුළුවන්නම් නවසීලන්තයට යන්න වීසා එක්ක සුපිරි වැටුපක්

>ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන්ට දැන් ලේසියෙන්ම නවසීලන්තයේ වීසා ලබාගන්න පුළුවන්.ගණිකා වෘත්තිය අනෙකුත් වෘත්තීන් සේම පිළිගැනීමට ලක් වන වෘත්තියක් බවට නම් කිරීමට නවසීලන්ත බලධාරීන් තීරණය කර තිබීමත් සමගම මේ පහසුකම ලැබිලා තියෙනවා.

මේ අනුව නියමිත කායික මානසික යෝග්‍යතාවය සහිත, අඩුම වශයෙන් වසර තුනක පළපුරුද්දක් සහිත කාන්තාවන් සඳහා නවසීලන්ත වීසා ඉල්ලුම් කිරීමේ හැකියාව තිබෙනවා.

ඉහළ වෘත්තීය මට්ටමක් සහිතව ලිංගික සේවා සැපයීමෙන් නවසීලන්තයේදී වසරකට රුපියල් මිලියන 8.5 (ලක්ෂ 85 ) පමණ උපයන්න පුළුවන්.

ඇතැමෙකු පවසන්නේ මෙය ලෝකයේ පැරණි ම රැකියාව බව ය. කෙසේ වෙතත් මෙය ඈත අතීතයේ පටන් ම පැවත ආ ජීවනෝපායක් වශයෙන් ඉතිහාසය සොයා යෑමේ දී දැක ගත හැකි ය. ලෝකයේ ඉපැරණි අධිරාජ්‍යවාදීන් රජවරුන්, සෙන්පතියන්ගේ කාලයේ පවා ගණිකාවන් සිටි බවට තොරතුරු ඇත.

මෙවැනි ම ක‍්‍රමවේද ඕස්ටේ‍්‍රලියාව සහ නෙදර්ලන්තය වැනි රටවල ද කි‍්‍රයාත්මක වේ. නෙදර්ලන්තයේ 2010 දී එතෙක් පැවති නීති යාවත්කාලීන කරමින් අවුරුදු 21ට වඩා අඩු තැනැත්තන් හට ලිංගික සේවා සපයන්නන් විය නොහැකි බවත් එම වෘත්තියෙහි නියැලෙන සෑම කෙනෙකු ම රජයේ ලියාපදිංචි විය යුතු බවත් දක්වා ඇත.

ආසියාතික රටවල් බොහොමයක මෙය නීති විරෝධී වුව ද බංගලාදේශය, ඉන්දියාව, හොංකොං, සිංගප්පූරුව, ඊශ‍්‍රාලය, කසකස්ථානය වැනි රටවල මෙය නීතිවීරෝධී නැත. එසේ ම යුරෝපයේ බොහොමයක් රටවල මෙන් ම ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය වැනි රටවල ද මෙය නීතිගත කොට ඇත.

About lanka

Check Also

මෛත්‍රී අපිට පින් දිය යුතුයි. නැත්තම් අද එයා පොලව යට එජාපයේ අය එලවන්න කලින් වටේ ඉන්න දුෂිතයන් එලවන්න – මුජබර් රහුමාන්

දුෂණ වංචා ගැන කතා කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ශක්තිය අරන් දුන්නේ එක්සත් ජාතික පක්‍ෂය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!