Breaking News
Home / ක්‍රිඩා / ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වූ අඩි 6 අගල් 10 උස යාපනෙන් ඇවිත් නැගෙනහිර කැම්පස් එකෙන් හොයාගත් ලෝක කුසලානෙට පාර කැපු තර්ජනී

ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වූ අඩි 6 අගල් 10 උස යාපනෙන් ඇවිත් නැගෙනහිර කැම්පස් එකෙන් හොයාගත් ලෝක කුසලානෙට පාර කැපු තර්ජනී

සමහරු මේ කවුද කියලා දන්නෙ නෑ!
(ඇයට ශක්තියක් වෙන්න SHARE කරන්න)

දහසක් බාධක මැද ලොව දිනූ අපේ නෙට් බෝල් තාරකාවිය තර්ජිනි සිවලිංගම්.

යාපනයේ එවිනායිහි හයදෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නා ලෙස 1980 වර්ශයෙදී තර්ජිනි සිවලිංගම් උපත ලබනවා.උපතේම ටිකක් දිගටි සිරුරකට හිමි කම් කියන්නියක් ලෙසින් තර්ජිනිව ඇයගේ දෙමව්පින් හඳුනා ගෙන තිබුණා..

වසරින් වසර ගෙවී යනවාත් එක්කම තර්ජිනි ගේ උසත් අසාමන්‍ය ලෙස වර්ධනය උනා.. සම වයසේ දරුවන්ට වඩා වැඩි උසකින් සමන්විත උන නිසා තර්ජිනි අන් අයගෙන් උසුලු විසිලුවට ලක් උනු වාර ගණන අනන්තයි.

Image result for tharjini sivalingam

තර්ජිනිගේ පවුලේ සියලුම දෙනා සාමන්‍ය උසකට හිමි කියන අය වුණු අතර තර්ජිනි පමණක් පවුලෙන් අපගමනය වී අසාමන්‍ය උසකට හිමි කම් ලැබීම කාටත් අදහගත නොහැකි උනා.. තර්ජිනි අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන විට ඇගේ උස අඩි 6යි අඟල් 2ක් වුණු අතර උස අඩි 6යි අඟල් 1ක් වුණු විදුහලේ විදුහල්පති ද පරදවමින් ඇය පාසලේ උසම තැනැත්තිය බවට පත් උනා.

පාසල් කාලයේ ක්‍රීඩා කටයුතු සඳහා ඇයගේ දායකත්වයත් නොලැබුණු අතර ඇයගේ අභිප්‍රාය වී තිබුණේ දමිළ භාෂාව පිළිබඳ කථිකාචාර්යවරියක් වීමටයි.

ඇගේ සිහිනයට එක් පියවරක් ඉදිරියට තබමින් ඇය කලා අංශයේ උපාධියක් සඳහා නැගෙනහිර විශ්විද්‍යාලයට සමත් වෙන්නෙ මේ අතරතුරදි.. විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබීම ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙන්නෙ ඉන් පසුවයි.

විශ්වවිද්‍යාල කණ්ඩායමට පලමු වසරේදිම අතුලත් වෙන තර්ජිනි ඉන්පසුව පළාත් කණ්ඩායම සඳහා සුදුසුකම් ලබනවා.. පළාත් තරඟාවලියේදි ඇයගේ දක්ශතා හඳුනා ගැනීමට දක්ෂ ක්‍රීඩිකාවක් මෙන්ම පුහුණුකාරිනියක් වන තිලකා ජිනදාස මහත්මිය සමත් වීමත් සමඟ තර්ජිනිගේ ජීවිතයට අලුත් පරිච්ඡේදයක් ලියවෙනවා..

Image result for tharjini sivalingam

ඒ අනුව තර්ජිනිව ජාතික සංචිතයට තෝරා ගන්නා අතර ඇයගේ ජීවිතය කොළඹ පැවැත්වෙන පුහුණු සැසි වෙනුවෙන් කැපවෙනවා.. මේ නිසා ඇයගේ උපාධියට බාධාවක් වුවත්.. ස්වයං අධ්‍යනය කර විභාග වලට මුහුණ දීමට පමණක් විශ්විද්‍යාලයට පැමිණෙන තර්ජිනි අවසානයේ සිය උපාධියද සම්පූර්ණ කරන්නෙ කාටත් ආදර්ශයක් වෙමින්.

තනියම කොළඹ ගත කරන ජීවිතය තර්ජිනිට තරමක් කටුක උනේ මුදල් අතින් ද ඇයට අග හිඟකම් තිබුණ නිසා. ඇය ජාතික වස්තුවක් ලෙස හඳුනාගත් පෞද්ගලික බැංකුවක් ඇයට රැකියාවක් එම බැංකුවේ ලබා දෙන අතර. ඇයට අවශ්‍ය අනුග්‍රහය ඔවුන් විසින් ලබා දෙන්නෙ මේ අතරතුරදි..

එදා සිට අද දක්වා ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් වන ඇය ලක්මව ට කීර්තිය ගෙන ආ ක්‍රීඩිකාවක් ලෙස හඳුවන්න පුලුවන්.. සාමන්‍යයෙන් ගැහැණු ළමයෙක් වයස අවුරුදු 14-16න් වර්ධනය අවසන් වුවත් වයස අවුරුදු 22 දක්වා වර්ධනය වුණු තර්ජිනි මේ වන විට උස අඩි 6යි අඟල් 10ක්.. වර්තමානයේ නෙට් බෝල් ක්‍රීඩා කරන ලෝකයේම උසම ක්‍රීඩිකාව ලෙස ඇය හඳුන්වන්න පුලුවන්.

Image result for tharjini sivalingam

කණ්ඩායමේ ගෝල් විදින්නිය ලෙස ක්‍රීඩා කරන තර්ජිනි විසින් මේ දක්වා ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව අති විශාල ප්‍රමාණයක්.. 2009 වසරේදි අසියානු නෙට්බෝල් කිරුළ ශ්‍රීලංකාවට අත් කර දීමට ඇය විසින් විශාල දායකත්වයක් ලබා දෙන අතර වර්ෂ 2011දි ලොව හොඳම ගෝල විදින්නිය ලෙස අභිශෙක ලැබීම ඇයගේ දිවියේ ඇය ලබා ගත් උපරිම ජයග්‍රහණයයි.

තවද ඔස්ට්‍රෙලියානු ලීග් තරඟාවලියකටද ඇයව තෝරා ගන්නා අතර ලාංකීය ක්‍රීඩිකාවක් එලෙස විදෙස් තරඟාවලියකට සුදුසුකම් ලබන්නෙ පලමු වරටයි..

මේ වනවිට වයස අවුරුදු 38ක් වුවද මෙවර ආසියානු තරඟාවලියේද සිය සුපුරුදු දස්කම් පාමින් අවසන් තරඟය දක්වා ශ්‍රීලංකා කණ්ඩායම රැගෙන ඒමට ඇය සමත් වෙනවා..

අනේක විද බාධක මැඩ ගෙන ඉදිරියම පැමිණි තර්ජිනිගේ කතාවෙන් අපිට ගත හැකි ආදර්ශ අප්‍රමාණය. ලක් මව නැවතත් රනින් බැබලවීමට තර්ජිනි ඔබටත් අනෙකුත් සියලු ක්‍රීඩිකාවන්ටත් ශක්තිය ධෛර්‍ය වාසනාව ලැබේවා!!!
උපුටාගැනීමකි –

ආසියානු කුසලාන අවසන් තරගය (9) සින්ගපුරුව සමග පැවැත්වීමට නියමිතයි

About article14

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!