Breaking News
Home / ක්‍රිඩා / ලොව අංක එකේ පිතිකරු ගෝලයා හඬා වැටෙද්දි ගුරාගේ හදවත පෑරි පුහුණුකරු ඩැරන් ලීමන්ද ඉල්ලා අස්වෙයි

ලොව අංක එකේ පිතිකරු ගෝලයා හඬා වැටෙද්දි ගුරාගේ හදවත පෑරි පුහුණුකරු ඩැරන් ලීමන්ද ඉල්ලා අස්වෙයි

මීට දින කිහිපයකට ඉහතදී ස්ටීවන් ස්මිත් යනු සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගෙන් පසුව ඔස්ට්‍රේලියාව බිහිකළ සුපිරිම ටෙස්ට් පිතිකරුවා ලෙස වර්ණනා කල ක්‍රිකට් විචාරකයන් අද ස්ටීවන් ස්මිත් හඳුන්වන්නේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩාවට දරුණුම කළු පැල්ලමක් එකතු කල නායකයා ලෙසිනි.

අළු බඳුන ජයගෙන සමස්ත ඕස්ට්‍රේලියා ක්‍රිකට් රසිකයන්ගේම වීරයා වූ ස්මිත් අද ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් රසිකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව එපා කල ඔවුන් වඩාත්ම රැවටීමට ලක් කල නායකයා වී ඇත,මේ සියල්ලට ගතවුනේ විනාඩි කිහිපයක කාලයක් පමණය.

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව වසරක ක්‍රිකට් තහනමකට ලක්වූ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් අද (29දා) නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණියේය.සිඩ්නි ගුවන් තොටුපොළේදී පැවැති මාධ්‍ය හමුවේදී ස්මිත් සඳහන් කළේ එම සිදුවීම සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බවත් එහි සම්පූර්ණ වගකීම තබා බාර ගන්නා බවත්ය.

මෙම මාධ්‍ය හමුවේදී ස්මිත් හඩමින් කතා කළේ හඬමිනි.“මගේ කණ්ඩායම් සඟයන්ගෙන්, ලෝකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන්, කනගාටුවෙන හා කේන්තියට පත් සෑම ඔස්ට්‍රේලියානුවෙකුටම… මට සමාවෙන්න.

මට පැහැදිලිව කියන්න අවශ්‍යයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මම මෙහි වගකීම බාර න්නවා. මම වැරදි තීන්දුවක් ගත්තා. ඒක මගේ නායකත්වයේ දුර්වලතාවක්. මගේ වරද නිවැරදි කර ගැනීම වෙනුවෙන් කළ හැකි හැම දේම මම කරනවා.”

“මම දන්නවා මේ හේතුවෙන් ඉදිරියේදී මගේ ජීවිතයේ හැම අවස්ථාවකම කනගාටු වේවි. කාලය ගත වීමෙන් මට සමාව ලබා ගැනීමට හා ගෞරවක් ලබා ගැනීමට හැකි වේවි. මගේ රට නියෝජනය කිරීමට ලැබීමත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමට ලැබීමත් ගෞරවයක්. ක්‍රිකට් කියන්නේ ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවක්. ඒක මගේ ජීවිතය වුණා.

මම බලාපොරොත්තුවෙනවා නැවතත් මට ක්‍රීඩා කිරීමට හැකි වෙතැයි කියා. හොඳ මිනිසුන් පවා වැරදි කරනවා. නමුත් මම විශාල වැරැද්දක් කළා. මම කාටවත් දොස් කියන්නේ නෑ.මම ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා. කේප් ටවුන්හිදී සිදුවුණ දේ පිළිබඳව සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා.”

මෙම සිදුවීමෙන් පසුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් පුහුණුකරු ඩැරල් ලීමන්ද දැඩි කනස්සලකට පත්වී ඇති ආකාරය දැකගත හැකි වූ අතර ස්ටීවන් ස්මිත් හා කැමරන් බ‍්‍රැන්කොෆ්ට් අද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අකාරයෙන් සිය මනස වෙනස් වූ බවත් ඒ හේතුවෙන් තමා සිය පුහුණුකාර ධුරයට සමුදීමට සිතු බවත් ඹහු පවසා ඇත.

‘මේක තමයි මගේ අවසන් ටෙස්ට් තරගය ඕස්ටේ‍්‍රලියාව පුහුණුකරුවා හැටියට ඉන්න .අද මාධ්‍ය සාකච්ජාවේදි වුන දේ දැක්කට පස්සේ මම හැගීම් බර වුනා.ස්ටීව් අද මාධ්‍ය ඉස්සර හැසිරුණු විදිය ගොඩක් හැගීම්බරයි.සියලුම ක‍්‍රීඩකයින්ට ඒක ගොඩක් වේදනාකාරීයි..

මම ඒක ගැන කලින් දැනගෙන හිටියේ නෑ..වගේම ඒ වුනු දේවල් අනුමත කරන්නෙත් නෑ’ ලීමන් පවසා ඇත.

ලීමන් 2013 වසරේ අලුබදුන තරගාවලියේ සිට ඕස්ට්‍රේලියානු කන්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුව වශයෙන් කටයුතු කරන අතර ඔහු යටතේ ක‍්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 57න් 30ක් ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වී ඇත.

තවද ඕස්ට්‍රේලියා කන්ඩායම 2015 ලෝක කුසලානය ජයග‍්‍රහණය කිරීමට සමත්වන්නේ ලීමන්ගේ පුහුණුකාරීත්වය යටතේයි.

About lanka

Check Also

ශ්‍රී ලංකා පකිස්තාන සංචාරයේ ආරක්ෂාව තහවුරු කරන්න අයිසිසියෙන් කණ්ඩායමක් යයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වීමට නියමිත තරග නිලධාරීන් නම් කිරීමට පෙර එම තරගාවලිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!