Breaking News
Home / Video / ලොවක් ජයගත් පුතෙක් බිහිකළ පියා සැමගේම සෝ සුසුම් මැද අවසන් ගමන් යයි අපරාධකරුවන් තවමත් නිදැල්ලේ

ලොවක් ජයගත් පුතෙක් බිහිකළ පියා සැමගේම සෝ සුසුම් මැද අවසන් ගමන් යයි අපරාධකරුවන් තවමත් නිදැල්ලේ

ධනංජය ද සිල්වාගේ පියා වන නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වාගේ අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකෙරුනා.

Image result for dhananjaya de silva

ඒ ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන්. රත්මලාන ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී තවත් දෙදෙනෙකු සමඟ කතා කරමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේ පසුගිය 24 වනදායි.

වෙඩි තැබීමෙන් අනතුරුව නාගරික මන්ත්‍රීවරයාගේ පපු ප්‍රදේශයට තියුණු ආයුධයකින් තුන් වරක් පහර දී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇති බව පොලීසිය කියා සිටියා.

Image result for dhananjaya de silva

එමෙන්ම ඝාතකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා නොව ඝාතනයට ලක්වූ රංජන් ද සිල්වාම බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් චෝදනා කළේ ප්‍රදේශයේ පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අමල් සිංහාරා හෙවත් කුඩු අංජු නැමැත්තාටයි.

ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් පිළිබදව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශණයක් ආරම්භ කර ඇති අතර, පොලිස් කණ්ඩායම් 4ක් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවයි පොලීසිය කියා සිටියේ.

ඝාතනයට ලක්වූ රංජන් ද සිල්වාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකෙරුණු ආකාරය පහතින්.

About article14

Check Also

‘රගනොපා ඔබතුමාගේ ශ්‍රීමත් ජනාධිපතිට කියලා මාධ්‍යවේදීන් ඝාතනය කල උන්ට දඩුවම් දෙන්න’ මාධ්‍යවේදීන්ගේ නමින් ගම් හදන්න සමරුපලක තැබූ සජිත්ගේ රෙදි පොද්දල ජයන්ත ගලවයි

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!